IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි

 

 

(රොමේෂ් මධුෂංඛ)

               

කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රීක්ක වලදී සිදුකරන ලද සෝදිසි පරික්ෂණ වලදී කේරල ගංජා කිලෝ 09 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තම බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මන්නාරම පේසාලේ උදයපුරම් ප්‍රදේශයේ දී නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂණයක දී සැකකරුවන් නොමැතිව ළිඳක් අසල සඟවා තිබූ කේරල ගංජා කිලෝ 5 ග්‍රෑම් 295 ක් තිබී සොයාගනු ලැබීය.

තවද කිලිනොච්චිය නගරයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නවතා සිදුකරන ලද පරික්ෂාවකදී කැබ් රථය තුළ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් තිබී සොයාගත් අතර කැබ් රථය පැදවූ සැකකරුවන් පලා ගොස් තිබේ.

කේරල ගංජා තොගය සමඟ කැබ් රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය සහ පේසාලෙයි පොලිස් ස්ථානයන් වෙතට භාරදීම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගනු ලැබීය.



අදහස් (0)

කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site