(නිමල කොඩිතුවක්කු)
පුත්තලම දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය හෙට(26) සිට ඉරිදා(28) දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු මෙම තත්ත්වයට හේතු වී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව හෙට(26) පෙරවරු 8.00 සිට ඉරිදා (28) පස්වරු 8.30 දක්වා කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බවද ඔහු සඳහන් කළේය.
එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් බවත් පොල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කටුනායක-පුත්තලම දුම්රිය ධාවනය අත්හිටුවයි