ඖෂධ වගී, ලේබල් සහ එම ඖෂධ භාවිතා කරන පිළිවෙළ ඉංග‍්‍රීසියෙන් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් රෝගීන් සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම ලේබල් සහ ඊට අදාළ ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පර්යේෂකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සම ගොනු කරනු ලැබුවේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂකයකු වන ලයනල් ගුරුගේ නැමැත්තතෙකි. ජාතික ඖෂධ අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
සියළුම ඖෂධ සහ ඊට අදාළ උපකරණ වල ලේබල් සහ වෙනත් ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කිරිමත්, වන්දි ලබාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටියි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඖෂධ ලේබල් සිංහලෙනුත් මුද්‍රණය කරන්නැයි ඉල්ලා පෙත්සමක්
නිලූ Monday, 21 March 2016 11:48 AM
මෙය ඉතාම හොද අදහසක්. ජයවේවා! (ර)
කුමාර් (ගල්ෆ්) Monday, 21 March 2016 12:03 PM
ලංකාවේ මිනිස්සු ලේබල් කියවලා හරි ඉංග්‍රිසි ඉගෙන ගන්නවානම් කොච්චර එකක්ද, 1950 ගණන්වල අග භාගයේ ඉඳලා ස්ව භාෂාව කබල්ගාලා දැන් ලංකාවේ උසස් නිලධාරීන්ටවත් ඉංග්‍රිසි කතානරන්න බෑ, අප්‍රිකාවේ මහා වනාන්තරවල ඉන්න හරක් බලන මිනිස්සු හොඳට ඉංග්‍රිසි කතා කරනවා. (ම)
සිරිවර්ධන Monday, 21 March 2016 12:12 PM
ඉතා හොඳ දෙයක් . ලංකාවේ බොහෝ තැන වල සමහරුන් එන්ග්රීසි භාවිතා කරන්නේ එය නොදන්නා අයව තලා පෙළ දැමීමට. (ර)