IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු ජලයෙන් යටවෙයි

(රොමේෂ් මධුෂංඛ)

උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවීහු පවසති.

උතුරේ කුඹුරු රැසක මේ වන විට ගොයම් මහබණ්ඩි අවධියේ පසුවන අතර අධික වර්ෂාව හේතුවෙන් ගොයම් පෙරලීම නිසා වී පැලවීමේ අවදානමක්ද පවතින බවට ගොවීහු පවසති.

ඊට අමතරව මේ දින වල උතුරේ වැව් සියල්ලක්ම මෙන් වාන් දැමීම සිදුවන අතරම වාන් ජලය හේතුවෙන් කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති අතර ජලය ගලා නොබැසීම හේතුවෙන් ගොයම් නරක් වීමේ අවදානමක්ද පවතින බවට ගොවීන් පෙන්වා  දෙයි.

ඉදිරි දින කිහිපයේදී මෙලෙසින් වැසි සහිත කාලගුණය පැවතියහොත් උතුරේ කුඹුරු රැසක් මහකන්නයේ වී අස්වැන්න විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවි සංවිධාන විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.


 



අදහස් (0)

උතුරේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site