( සිතුම් චතුරංග)
කිලිනොච්චිය කනගාම්භිකුලම් හා ඉරණමඩු වැව පිටාර ගැලීම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබෙන මාර්ග වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් අද (31) ආරම්භ කළේය.
කිලිනොච්චිය , පරන්තන් මාර්ගයේ උමයාලපුරම් , වීනාවකොඩ්ඩෙයි ප්‍රදේශයේ පිටාර ජලය අළුතින් ඉදිකළ කොන්ක්‍රිට් මාර්ගය මතින් ගලායෑම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබූ අතර යුද හමුදා සෙබලුන් වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතුවල නිරත වුහ.
දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වැව් පිටාර මට්ටමට පැමිණ ඇති අතර එහි එකතුවන ජලය එලෙස ගලායාම සිදුවන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
එලෙස මාර්ග කැඩීයාමෙන් ප්‍රධාන ගම්මාන රැසක ගමනා ගමනය ඇණහිටිමේ අවදානම හේතුවෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස වැලිකොට්ට යොදා මාර්ග ආරක්ෂා කිරීම සිදුකරන බවත් ආපදා කළමනාකරණ නිලධාරීහු වැඩිදුරටත් පැවසීය.
කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකයේ අධීක්ෂණය යටතේ යුද හමුදා සෙබලුන් මාර්ග සඳහා වැලිකොට්ට යෙදීමට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉරණමඩු වැව පිටාර ගැලීමෙන් අවදානම් මාර්ග සඳහා වැලිකොට්ට යොදයි