
(ප්‍රදීප් කුමාර)
උතුරු පළාතට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග එම පළාතේ ප්‍රධානතම ජලාශයක් වන ඉරණමඩුව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ජලාශයේ වාන් දොරටු 6ක් පමණ අද(11) උදෑසන වන විට විවෘත කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ඉරණමඩුව ජලාශයේ පහළ කොටසේ ජීවත් වන ජනතාවට අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමණාකරණ නිලධාරීන් දැනුම් දී ඇත. වර්ෂා සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතින බැවින් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ අනෙකුත් ජලාශවල පහළ කොටසේ ජීවත් වන ජනතාවටද අවධානයෙන් පසු වන්නැයි ආපදා කළමණාකරණ නිලධාරීහු දැනුම් දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd