
(දයාරත්න ඇඹෝගම)
අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිසක් සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් අද(09)සේවයෙන් ඉවත්වීම නිසා රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.
අඩු ආදායම් සහිත පවුල්වල සාමාජිකයන් සදහා රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තරුණ තරුණියන් 60දෙනෙකු සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනිමට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ සේවයෙන් ඉවත්වූහ.මෙම හේතුව නිසා ප්‍රතිකාර ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් මෙන්ම සායන සදහා පැමිණි රෝගීහු ද දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රචාරක ලේකම් තිලක් ක්‍රීශාන්ත කුහාර මහතා මෙසේ පැවසීය.
“අඩු ආදායම් සහිත පවුල්වල සාමාජිකයන් 60දෙනෙකු පමණ සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීමට රෝහලට බඳවාගෙන. මෙම බඳවා ගැනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බඳවාගැනීමේ පටිපාටියට බැහැරවයි සිදුකර තිබෙන්නේ. මේක වැරදි ක්‍රියාවක්. මේ අය බඳවා ගෙන තිබෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොවෙයි.
මේ අයට රැකියා දෙනවාට අපේ විරුද්ධතාවයක් නැහැ. එහෙත් ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් නැහැ. මේ නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයන් සියලුදෙනා සේවයෙන් ඉවත්වීමට තීරණය කළා. අපි හදිසි සේවාවන්වල රාජකාරි කටයුතු කරනවා. සාමාන්‍ය රාජකාරිවලින් ඉවත්වීමට තිරණය කර තිබෙනවා.
මේ සඳහා සාධනීය විසඳුමක් ලබාදෙන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් දැඩි වෘත්තියමය ක්‍රියාමාර්ගයකට පිවිසෙනවා” යැයි තිලක් ක්‍රීශාන්ත කුමාර මහතා මෙහිදි පැවසීය.

2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අ’පුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩවරති