
(ආරියරත්න රණබාහු)
‘‘අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය‘‘ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික කරුණක් යැයි ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී න් අනුර කුමාර දිසානායක මහතා කොළඹදී යේ පැවසීය.
‘‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්‘‘ යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය..
කෝට්ටේ ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පිරියල් හෝටලයේදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්විණි.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
අප දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට සිදුවී තිබෙන විපත එය ඇතිවීමට හේතු සහ එයින් ගොඩ යන්නේ කෙසේද යන්න පොදු ජනතාව සමඟ සාකච්ඡා කරමින් සිටියා. ඒ සියල්ල සම්පීඩනය කරවිධිමත් වැඩපිළිවෙලක් හැදුවා. එය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලෙස අද ඉදිරිපත් කරනවා.
ඒ අනුව අපට ශක්තිමත් මතවාදයක් බලවේගයක් තිබෙනවා . ඒට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් සිටිනවා. අපේ රට ගොඩනැගි හැකි මාවතක් අපිට තිබෙනවා. ඒ මාවත ජයග්‍රහණය කිරීම සැප්තැම්බර් 21වෙනිදා අපට උදාවෙනවා.
ක්ෂේත්‍ර තිස් හතරක් සඳහා වූ මේ වැඩපිළිවෙල සකස් කිරීමට අපට අවුරුදු දෙකට වැඩි කාලයක් ගත වුණා.
පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන අපට වඩා කතා කළේ වෙනත් අයයි අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩු පාලනය ගැන වැඩිපුර කතා කරන්නේ වෙනත් අයයි. අපි ඒවට පිළිතුරු ලබාදෙමින් අනවශ්‍ය ගැටුමකට සංවාදයකට යන්නේ නෑ.
ඒ සියල්ලට අද අප ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පිළිතුරු ලබා දී තිබෙනවා.. මේක අපේ භාවිතාව ඔවුන්ගේ භාවිතාව අසත්‍යය විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීමයි. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත මේක අපි තෝරා ගන්නා මාවත.
අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. ඕනෑම කෙනෙක් හමු විට ඒ අයට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව කතාවක් කීමට තිබෙනවා. සමස්ත පද්ධතිය තිබෙන්නේ අර්බුදයකයි. මේ කඩා වැටී ඇති සමස්ත පද්ධතිය පුනරුදයක් කරා ගෙනයාම අපට පැවරී ඇති වගකීමයි. මේවට කුඩා ප්‍රතිකර්ම කළත් නැවත නැවත ඒ අර්බුදය වැඩිවෙමින් යනවා. මේ සියල්ල ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ජාතික ජන බලවේගය භාරගන්නා අභියෝගයයි.
මේ වියවුල ලිහන්නේ කොතනින්ද කියලා පටන් ගැනීම පවා අසීරුයි. ඒ තරමට විනාශකාරීයි. නමුත් මේ විසඳීම සඳහා පියවරෙන් පියවර ශක්තිමත් ක්‍රියාකාරකම් රැසක් අප අරගෙන තිබෙනවා.
අපි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩ නැගිය යුතුයි. කවර හෝ බරපතළ ප්‍රහාරයක් සිදු කරලා ඒ කළ අයට ජනාධිපති පුටුවේ වාඩි විය හැකිද. මහා පරිමාණ මංකොල්ලයක් සිදු කරලා ඔහුට ජනාධිපති පුටුවට යන්න පුළුවන් කියලා හිතුවොත් කොතනින්ද මේ සමාජය කෙළවර වෙන්නේ. ඒ සියල්ල නීතිය බිඳ වැටීමට උත්පේරණය සපයනවා අපරාදේ නිදැල්ලේ වැඩි වෙමින්තිබෙනවා. ඒවාකල අයට දඩුවමක් ලැබෙන්නේ නැද්ද.
ඒනිසා අප ප්‍රථමයෙන් නීතියේ විධානය ශක්තිමත් කරනවා. අපි රටේ දේශපාලනය කියන්නේ අනිකාට එරෙහි දේශපාලනය යි. ඒ මගින් කවදාවත් සමගිය ඇතිවන්නේ නෑ. සමගිය නිර්මාණය කළ හැකි වන්නේ වගන්තිය ඇතුලෙ නෙමෙයි. ඒ කළ හැක්කේ දේශපාලනය තුළින්. සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට කටයුතු කරනවා.
(ඡායාරූප ගයාන් අමරසේකර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනවා... ජයවේවාව...
76 වසරක් පැවැති මජර දේශපාලනය තුරන් වේවා. අපේ රටට යහපතක් කළ හැකි විවිධ වෘත්තිකයින් සෑහෙන පිරිසක් මාළිමාව වටා එක්වී සිටිනවා. ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා.!
අනෙකාට එරෙහි දේශපාලනය පිළිබඳ කප් ගහපු කෙනෙක්ගේ කරට නේද මේ අත දාගෙන බණ කියන්නේ කයියනායක මහතා...?
මාලිමාවට ජය වේවා. 9 වැනි විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...
මට පිස්සුද? මේ අයට පිස්සුද දන්නේ නෑ.. මොවුන් ගෝඨාභය වගේම වැඩ බැරි කට්ටියක්... මොවුන් එළිපිට ජනතාව රවට්ටනවා. මේවා කරන්නේ කාව තියාගෙනද? ඒක වැඩකරපු මුහුණක් මෙතන පෙන්නන්න...
සම්පූර්ණ ඇත්ත. නීතියේ ආධිපත්‍යය පිරිහුණු රටකට දියුණුවක් ගැන හිතන්නවත් බෑ. එක එක සමාජ තලවලට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක කිරීම වහාම නැවැත්විය යුතුයි.
ඔය නාකින්ව එලවන්න...
මේ මවන සුරංගනා ලෝකයටත් බුද්ධිමත් කියන පරම්පරාව රැවටෙයිද බලමු...!
මම හිතන්නෙ ඉතාම ඉක්මනින් වැදගත් විදියට තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදැක්කුවෙ මාලිමාව, ඒක ඉවසගන්න බැරිව මෙතන සුපුරුදු මඩ ලියනව. කාටවත් කරන්න බැරි දේ කලාට ආශිර්වාදය නොකර නොදැක්ක ලියවිල්ලක් විවේචනය කරනව කුහකයො. හැබැයි සමහරු ප්‍රතිපත්ති ප්‍රකාශනයට බාලගිරි.දෝසෙ රැස්වීම් වල පොහොර පන්දාහට, දදුප්පත් පවුලට විසිදාහක්.තව අරව මේව දෙනව කියල තැන තැන කියාගෙන යනව,
නියත ජය ලබන මාලිමාවට , සමහර පක්ෂ වලට තවමත් එළිදැක්වීමට නොහැකිවූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙන ඒමට හැකිවීම ගැන අපගේ උනුසුම් සුභ පැතුම්!
සජබෙ ප්‍රතිපත්ති ප්‍රකාශයකට බාලගිරි දේසෙද? නැත්නම් ලොක්ක කටට එන වචන මිනිස්සු රැස් කරල ගිරිය පුප්පල දෙන පොරොන්දුද?
මොවුන්ගේ ප්‍රතිපත්ති අපි 71/87/88/89 කාලේ සිටම දන්නා නිසයි, අවුරුදු 58 ම ඡන්දේ නොදුන්නේ. දැන් ඉන්න මිනිස්සු එල්ලෙන්න වැලක් නැති නිසා මොවුන්ගේ ඇඟේ එල්ලෙනවා...!