(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවසීය.
ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් පසුව මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘සාක්ෂි නැතිව චෝදනා ඉදිරිපත් කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවක්. අලුත්ගමගේ හිටපු ඇමැතිතුමා ඉදිරිපත් කරලා තියෙන මේ පදනම් විරහිත චෝදනා අද නිෂ්ඵල වෙලා තියෙනවා. ඒ නිසා එතුමා ඒකට වගකීම භාරගත යුතුයි. මෙම ක්‍රියාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කිරීම හා ඔවුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරනවා. ඒක මට දැනෙන්නේ ඡන්ද ගුණ්ඩුවක් කියලයි. කිසිම සාක්ෂියක් නොමැතිව කිසිම හේතුවකින් තොරව සිදුකරන ලද මෙම ප්‍රකාශ නිකන් බොරු ප්‍රකාශයක් හැටියට මා දකිනවා. එතුමා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි.‘‘ යැයි පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ‘‘වතුකරයේ ජනතාවගේ පැහැදිලි කැමැත්ත එක්සත් ජාතික පක්ෂය හා අලියා ලකුණයි. ඔවුන් එයින් පරිභාහිරව ඡන්දය ප්‍රකාශ කරන්නේ නැති බව මට විශ්වාසයි. අපි මෙවර මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ මන්ත්‍රී ආසන දෙකක් අනිවාර්යෙන්ම ලබා ගන්නවා. අපි ටිකක් වැඩිපුර මහන්සි වුවහොත් මන්ත්‍රී ආසන තුනකට යන්න පුළුවන්.
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ අළුත් සභාපතිවරයා හැටියට මට විරුද්ධව දිගම්බරන් හිටපු ඇමැතිතුමා විශාල බොරු ප්‍රචාරයක් ගෙන යනවා වතු කම්කරුවන්ට රුපියල් 1000 ක වැටුප දීමට මම විරුද්ධ වුණා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් වෙලා නැහැ. මෙම රුපියල් 1000 ක වැටුප දෙන්න එකඟ වන්නේ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවලින් පසුවයි. ඒකට මට කිසිම බලපෑමක් සිදු කරන්න බැහැ..‘‘ යයි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘ ඒ අහවල් දේකටද? මහින්දානන්ද කීවා එයාගේ පැමිණිල්ලට ක්‍රීඩකයෝ අදාළ නැහැ කියලා. ක්‍රීඩකයින් ගෙන්වලා තිබෙන්නේ පොලිස්කාරයින්. ඉතින් ගනුදෙනුව පොලිසියත් එක්ක බේරාගන්න.
මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමාව ගතයුතු නැත. මහින්දානන්දගේ ප්‍රකාශය නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය රටට පැහැදිලි කිරීම කළයුතුවේ. නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශය ඔහු ප්‍රකාශ කළ ආකාරයට ඔහු සියැසින් දුටුවා මෙන් කළ ප්‍රකාශයකි. සජිත් ප්‍රේමදාස මෙයට සාක්ෂි දරනු ඇත. ක්‍රීඩකයාගේ බිරිඳ සහ නිළිය පිළිබඳව මෙන්ම ඉන්දියානු බූකීකරුවා විසින් ක්‍රීඩකයාගේ බිරිඳට මුදල් දුන් බව ඔහු කළ ප්‍රකාශය මහින්දානන්දගේ ප්‍රකශයට වඩා බරපතල සහ ක්‍රීඩකයින්ට කළ ප්‍රබල අපහාසයකි. සජිත්ගේ සමගි ජනබලවේගයේ සමහර පුද්ගලයින් කර ඇති ප්‍රකාශය නිසා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉතාම අපහසුතාවයට පත්ව ඇත. ක්‍රීඩකයන්, දූෂිතයන් හෝ සොරුන් බවට මේ වනවිට මහජන වේදිකාවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ වී ඇතිනිසා නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කොට ක්‍රීඩකයින්ගේ නිවැරදි බව තහවුරු කරන්න. මේ වනවිට සජිත් කිසිවක් නොදන්නා සේ වෙනත් දේ ප්‍රකාශ කර සිටියත් එම ප්‍රකාශය කරනා අවස්ථාවේ සජිත් එම වේදිකාවේ සිටියේය. රටේ ක්‍රීඩාලෝලීන් විශේෂයෙන් තරුණ ප්‍රජාවේ ඡන්දය කුමන ආකාරයට ප්‍රකාශවේද?
මහින්දානන්දට කඩේ යන්න එපා බමුණු.
අයියෝ බමුණු වගේ වහල්ලුත් ඉන්නවානේ අපේ රටේ...