(මහින්ද නිශ්ශංක)
ලංගමය විනාශ කළේ මේ රටේ පැවැති දේශපාලනය යයි ද එයට අප සියලුදෙනා වගකිව යුතු යැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේදී ඉකුත්දා (28) පැවැති බස් එන්ජින් කට්ටල 500ක් බෙදාදීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.
සෑම රජයක් යටතේම දේශපාලන බලපෑම් මත ලංගමය විනාශ වූ අතර අනවශ්‍ය ලෙස සේවකයන් පිරවූ බවත් පැවැසූ අමාත්‍යවරයා නමුත් තමාට එවැනි දේවල් කිරීමට අවශ්‍ය නැතැයි ද පැවැසීය.
ලංගමයේ පරිපාලනයට දේශපාලනය ගාවනොගත යුතු බවත් එසේ කළහොත් මේ ආයතනය ගොඩනගන්න බැරි බවත් පැවැසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා දේශපාලනය පැත්තක තබා සියලුදෙනාම එකතු වියයුතු බවත් ලංගමයේ ශුභසිද්ධිය තකා සියලු වෘත්තීය සමිති එකට වැඩකරන්නැයි කියා තමා ඉල්ලා සිටින බවත් කීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
“දැනට ලංගමය සතුව 7700ක බස්රථ ඇනියක් තිබුණ ද ධාවනය සඳහා සුදුසු තත්ත්වයේ පවතින්නේ බස්රථ 6000ක් පමණයි. ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබාදීමට නම් අවම වශයෙන් ලංගමය මගින් බස්රථ 10000ක් පමණවත් ධාවනයේ යෙදවිය යුතුයි. මේ සඳහා වැඩපිළිවෙළ රැසක් ලංගමයෙන් මේ වනවිට ක්‍රියාවට නංවා තියනවා. ධාවනයේ නොයෙදෙන බස්රථ සඳහා නව එන්ජින් කට්ටල 500ක් දෙන්නේ එහි එක් පියවරක් ලෙසයි.
අද ලංගමයට විශාල අභියෝගයක් තිබෙනවා. පෞද්ගලික අංශයේ 22000කට ආසන්න බස් රථ සමග තරගකාරීත්වයක් දෙමින් ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සැලසීමට කටයුතු කිරීමයි. ඒ නව තාක්ෂණය ලංගමයට ගෙනයා යුතුයි. ඉදිරි මාස කීපයේදී අලුත් බස්රථ 1000ක් මිලදී ගැනීමටත් කොළඹ සහ අවට නගරවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස වත්මන් රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක්කල් ශ්‍රී ලංගමය පෞද්ගලීකරණය කිරීමට හෝ විකිණීමට කටයුතු කරන්නේ නැහැ. මේ ආයතනය ගොඩනැංවීම මාහට පමණක් ඉටුකළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ලංගම සභාපතිවරයාගේ සිට සියලු සේවකයන්ගේ සහාය මට ලැබිය යුතුය. විශේෂයෙන් වෘත්තීය සමිතිවල සහාය ලැබිය යුතුයි. සැමවිටම ආයතනය ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති කැපවිය යුතුයි” යැයි ද ඇමැතිවරයා කීය.
මේ අවස්ථාවට ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සහ නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
378
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංගම විනාශ කළේ මේ රටේ දේශපාලනයයි
දනුක Tuesday, 04 April 2017 04:11 AM
ලංගම ඩිපෝ පාලනය කරන්නේ පක්ෂ සමිතිකාරයෝ අදාල පලාතේ ඉන්න මන්ත්‍රවරයට අවශ්‍ය විදියට. ඩිපෝ අධිකාරිවරු පඹයෝ වගෙයි බලන්න පසු ගිය ජනවාරි 07 වැනිදා හමිබන්තොට අවට ඩිපෝ වල බස් පාරේ දුවන්න ආවෙි නැ ජනාධිපති එන උත්සවයට ඡන්ද දායකයෝ අරගෙන ගියා මෙවා වාහන අවභාවිතා නොවෙිද ලංගම ආයතනයට ස්වාධිනව කටයුතු කරන්න දිලා පක්ෂ දේශපාලනය ඉන් ඉවත් කල යුතුයි