IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා

ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති

අපේ රටේ දරුවන් දැනුමෙන් උගත්කමෙන් සන්නද්ධ කිරීමේ වගකීම රජයක් විදියට නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (10) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

අන්තර් ජාතික දැනුම වෙළඳපොළේ නවෝත්පාදන ආර්ථිකයේ පවතින විශාල ඉල්ලූම සඳහා අපේ තරුණ පරපුර යොමු කිරීම සහ ඔවුනට අවශ්‍ය මඟ පෙන්වීම කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදි පසුගිය 10 වෙනිදා ආරම්භ වූ ‘‘රට වෙනුවෙන්  පිබිදෙන පුලතිසි යෞවනය’’ පොලොන්නරුව දිස්ති‍්‍රක් තරුණ කඳවුරේ සමාරම්භක උළෙල අමතමිනි.

පුරා දින 03ක් තිස්සේ මෙම තරුණ කඳවුර පැවැති අතර ඒ සඳහා පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියෝ 3000කට අධික පිරිසක් සහභාගි වූහ.

රටේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාවලියට කාර්යක්‍ෂම ලෙස දායක විය හැකි පෞරුෂ වර්ධනයෙන් සහ නායකත්ව ගුණාංගවලින් හෙබි තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පැවැත්වීමට යෝජිත නායකත්ව කඳවුරු වැඩසටහනේ සමාරම්භක කඳවුර වූ මෙය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය සහ පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.

අද රටේ පවතින ප‍්‍රශ්නවලදී බොහෝ වෙලාවට දකින දේ විනය පිළිබඳ ප‍්‍රශ්නය බවත් විනයක් ඇති මිනිසුන් බිහිකිරීම  මෙම තරුණ කඳවුරේ එක් අරමුණක් බවත් කී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් විදියට හැසිරෙනවාද කියන කාරණය අප හමුවේ අද තිබෙන බවද ප‍්‍රකාශ කළේය.

එම නිසා අද මෙන්ම ඊයේත් පැවැති එම ප‍්‍රශ්නය හෙට දවසේ අවසන් කිරීම සඳහා අප සියලූ දෙනාම අධිෂ්ඨානශීලී විය යුතු යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා උත්සවය අමතමින් මෙසේද පැවැසීය.

දිස්ත‍්‍රික්කයක තරුණයින් වෙනුවෙන් තෙදින තරුණ කඳවුරක් මේ රටේ පවත්වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. නිදහසෙන් පසු ලංකාවේ එකම දිස්ත‍්‍රික්කයක වත් විශාල තරුණ සංඛ්‍යාව නියෝජනයෙන් යුත් තෙදින තරුණ ක`දවුරක් පවත්වා නැහැ. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඔබේ දිස්ත‍්‍රික්කයෙන් ඔබ රටේ ජනාධිපතිවරයෙක් පත්කර ගත් නිසයි. මෙවැනි තරුණ ක`දවුරක් සංවිධානය කිරීමට අවශ්‍ය සම්පත්, අනුග‍්‍රහය, කැපවීම ගත්විට ගුණාත්මක බවින් සහ උසස් ප‍්‍රමිතියකින් මේ කටයුත්ත කරන්න ආයතන රාශියක් අවශ්‍ය වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, තරුණ කටයුතු අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, යුද නාවික ගුවන් ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි  ආයතනත් ක`දවුර ශක්තිමත් කරන්න අවශ්‍ය සම්පත් ලබාදෙන පෞද්ගලික ආයතන රාශියකුත් අපට උදව් කර තිබෙනවා, මුදල් සහ අනෙකුත් සම්පත් ප‍්‍රදානය කිරීමෙන්.  ඒ නිසා මම විශ්වාස කරනවා මේ තරුණ දරු පිරිස පින්වන්ත, භාග්‍යවන්ත පිරිසක්. ඔබ මෙන්ම මමත් වෙළේ, පැලේ, කමතේ, නියරේ ජීවිතයේ වැඩි අත්දැකීම් ලබපු කෙනෙක්. මම ආශිර්වාද කරනවා මේ පැමිණ සිටින පොළොන්නරුවේ දහස් සංඛ්‍යාත තරුණ පිරිස අතරින්, මේ රටේ අනාගත අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවේවා කියා.

නිවේදක මහතා පැවසුවා වසර 732 කට පසුව පොලොන්නරුවෙන් රාජ්‍ය නායකයෙක් බිහිවුණේ කියලා. ඒ නිසයි මම ප‍්‍රාර්ථනා කරන්නේ මේ තරුණ පිරිස අතරින් අනාගත රාජ්‍ය නායකයෙක් බිහිවේවා කියලා. මේ තරුණ ක`දවුර සකස්කළේ කරුණු ගණනාවක් මුල්කරගෙනයි. මේ සමාරම්භක උළෙලේදී ඔබ ප‍්‍රතිඥාවක් දුන්නා. ඒ ප‍්‍රතිඥාව මම කලින් කියවලා තිබුණෙත් නැහැ. මම කලින් අහලා තිබුණෙත් නැහැ. ඒ ප‍්‍රතිඥාවේ තිබුණා තමන් තමන්ට ආදරේ කරන්න කියලා. තමන් තමන්ට ආදරේ නොකර අනික් අයට ආදරේ කරන්න තමන්ට ශක්තියක් ගොඩනැගෙනවාද කියන කාරණය අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න  ඕනෑ. අපි මව්පියන්ට ආදරේ කරනවා. දරුවන්ට ආදරේ කරනවා. ආදරවන්තියන්ට ආදරේ කරනවා. ආදරවන්තයාට ආදරේ කරනවා. පාරේ යන එන විට හමුවන අයට ආදරේ කරනවා. ආදරේ කියන දේ කෙළවරක් නැති නිමක් නැති දෙයක්. 

මම හිතනවා ඔබ ඔබේ ජීවිත කාලය තුළ ඔබට ආදරේ කරන්න ශක්තිය අවශ්‍යයද. ඒ ශක්තිය දෙන්න මුල් වන්නේ ඔබේ කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වයයි. ඒ නිසයි ප‍්‍රතිඥාව දෙනවිට කිව්වේ ඔබ මුලින්ම ඔබට ආදරේ කරන්න කියලා. ඔබ තරුණ පිරිස විදියට ලබාගත යුත්තේ දැනුමයි.

 දැනුම උගත්කම තුළ පරිපූර්ණ වන තරුණ ප‍්‍රජාව තමයි රටක් ගොඩනගන්න අවශ්‍ය වන්නේ. කාර්යක්ෂම, අධිෂ්ඨානශීලී වූ ආත්ම ශක්තියක් ආත්ම අභිමානයක් ආත්ම ධෛර්යයක් ඇති ජනතාවක් බිහිවන්නේ එවිටයි. රාජ්‍යයක වගකීම මූලික වශයෙන්ම ඒ රටේ ජනතාව උගතුන් කිරීම. ඒ රටේ ජනතාව දැනුම්වත් භාවයෙන් පරිපූර්ණ කිරීමයි. රටේ ජනතාව ලෝකයේ තවත් රටක ජනතාවට දෙවෙනි නොවන ආකාරයට දැනුමෙන් අවබෝධයෙන් ශක්තිමත් කිරීම. ඒ උගත්කම සහ දැනුම එක්ක මූලික වශයෙන්ම ජීවිතය සමත්වෙන්න නම් විනයක් ඇති මිනිසෙක් බිහිවිය යුතුයි.

 අද රටේ ජනතාවගේ විනය පිළිබ`ද ප‍්‍රශ්නයක් පෙනෙනවා. දේශපාලනඥයින් තුළ විනයක් තිබෙනවාද කියන කාරණාව අපි විමසිය යුතුයි. විනයේ ආදර්ශය රටට දෙන්න මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් ලෙස හැසිරෙනවාද කියන ප‍්‍රශ්නය ඊයෙත් තිබුණා. අදත් තියෙනවා. එය හෙට දවසේ අවසන් කර ගැනීම සඳහා අපි අධිෂ්ඨානශීලී විය යුතුයි. මේ රටේ රාජ්‍ය නිලධාරීන් තුළ විනයක් ගොඩනැගීම පිළිබඳව කතා කිරීමේදී අපි සතුටු වෙන්න  ඕනෑ යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවන් වල මූලික පුහුණුවේ සිට වැදගත්වන්නේ විනයයි. යුද්ධයක් කරන්න වැදගත් අවශ්‍ය දේ විනයයි. ඒ තුළයි හමුදාව කළමනාකරණය වෙන්නේ. 

ලෝකයේ ඇතැම් රටවල්වල රජයන් විසින් මුළු රාජ්‍යයේ ජනතාව හමුදා  පුහුණුවකට ලක් කරනවා. සිංගප්පූරුව ගත්විට සිංගප්පූරුවේ පළමු පරිවර්තනය කළ නායකයා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ බලය ලබා ගැනීමත් සමගම වර්ෂ දෙක තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත රටේ සමස්ත ජනතාවට හමුදා පුහුණුවක් දුන්නා. ඒ පුහුණුව දීම තුළ ඔහු බලාපොරොත්තු වුණේ යුද්ධයක් කරන රණකාමී ජනතාවක් බිහිකිරීම නෙවෙයි. ඔහු බලාපොරොත්තු වුණේ රටේ සියලූ පුරවැසියන් විනයක් ඇති ජාතියක් ලෙස ගොඩනැගීමයි. 

ඒ නිසා සියලූ ක්ෂේත‍්‍රවල විනය පිරිහීම රටේ ඉදිරි සංවර්ධන ගමනට බාධාවක් වනවා. ඔබට අවශ්‍ය විශාල සම්පත් ප‍්‍රමාණයක් ලබාදීලා අපි මේ ක`දවුරෙන් බලාපොරොත්තු වන ප‍්‍රමුඛ අංශයක් වන්නේ විනයක් ඇති යහපත් තරුණ පිරිසක් අනාගතයේ ගොඩනැගීම. ඒ ස`දහා නායකත්වය දීමටයි අපි මෙලෙස කටයුතු කරන්නේ. මේ තරුණ ක`දවුරේ නායකයින් ඔබයි. මේ තරුණ ක`දවුර කළමනාකරණය කෙරෙන, දේශන පවත්වන, වැඩසටහන් මෙහෙයවන අය නොවෙයි නායකයන් වන්නේ. ඔබ පොලොන්නරුවේ තරුණ පිරිස් විදියට අනාගතයේදී රටේ සියලූ තරුණ පිරිස් වෙතට ආදර්ශයක් ඇති තරුණ පිරිස් විදියට වැඩකිරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වන්නේ.

 මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීමේදී පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන, තුන් අවුරුදු සැලැස්ම මේ දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍යය, අධ්‍යාපන, වාරිමාර්ග, කෘෂිකර්ම, තරුණ කටයුතු, සමාජ සුබසාධන ආදී සියලූ ක්ෂේත‍්‍ර හරහා වැඩ කෙරෙනවා. 2018 x 19 වනවිට අපි බලාපොරොත්තුවෙනවා ලංකාවේ සංවර්ධනයේ ආදර්ශවත්ම දිස්ත‍්‍රික්කයක් බවට පොලොන්නරු දිස්ත‍්‍රික්කය පත්කරන්න.

අද ඔබ දකිනවා ගම්මානවල පාසල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. රෝහල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. අලූතෙන් පාරවල් ඉදිවෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල පරිවර්තනයක් ඇති වෙමින් තිබෙනවා. එසේ කරන්නේ අනෙක් දිස්ත‍්‍රික්ක වලට අසාධාරණයක් වන ලෙස නොවේ. මේ දිස්ත‍්‍රික්කයේ අතපසු වූ සංවර්ධනය කාර්යක්ෂම කිරීම තුළින් ලංකාවේ සංවර්ධනය වූ දිස්ත‍්‍රික්ක මට්ටමට මේ දිස්ත‍්‍රික්කය පත් කිරීමයි මෙහි අරමුණ වන්නේ. විශේෂයෙන් පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගොඩනගන්න ඉහළම ප‍්‍රමුඛතාවය දී තිබෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ විභාග ප‍්‍රතිඵල පිළිබඳව එතරම් සතුටු වෙන්න පුඑවන්කමක් නැහැ. ඒකට හේතු තියෙනවා. ගුරු හිඟය තිබෙනවා. බොහෝ පාසල්වල සම්පත් හිඟයක් තිබෙනවා. මම 2015 ජනාධිපතිවරයා වූ පසු මුලින්ම කළේ මේ දිස්ත‍්‍රික්කයේ පාසල්වලට කෝටි 23 ක ඩෙස් පුටු දුන්නා. කෝටි නවයකින් පටන් අරන් කෝටි 23 දක්වා ගියා.

ඒ පාසල් අංග සම්පූර්ණ කිරීම මේ වසරේ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමට අනුව සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දරුවන්ට එකට අධ්‍යාපනය ලබන්න සංහිදියාව ශක්තිමත් කරන පාසලක් ලැබෙනවා ඉන්දීය රජයෙන්. ඒවගේම වකුගඩු රෝගී අංශය ගත්විට මේ දිස්ති‍්‍රක්කය වගේම මුළු රටම බරපතළ තැනක තිබෙනවා. අපි චීනයෙන් කරපු ඉල්ලීමකට අනුව ලබන ජූලි මාසයේ සිට චීන රජයෙන් පරිත්‍යාග කරන විශේෂ ජාතික වකුගඩු රෝහල පොලොන්නරුවේ ආරම්භ කරනවා. පාසල් හැර ගොස් සිටින ඔබ වැනි පිරිස්, රැකියා නොකරන පිරිස්, ඉන්න පුලූවන්. ඒ අයට දැනුම ලබා දෙන්න ඒ අයට අංග සම්පූර්ණ පුස්තකාල  අනෙක් පැත්තෙන් වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන්න පහසුකම් තිබිය යුතුයි. මෙතන මහින්ද සමරසිංහ ඇමැතිතුමා ඉන්නවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මේ දවස් තුනේ මෙතන සිට ඔබට අවශ්‍ය මග පෙන්වාවි. අපි කතා කරන නවෝත්පාදන ආර්ථිකයක්. හරිත ආර්ථිකයක්. ඒ තුළ ගොඩනැගෙන  නව ජාතික ප‍්‍රබෝධයක්. අන්තර් ජාතික වෙළෙඳපොළට යවන්න අවශ්‍ය උගතුන්ගේ වෙළෙඳ පොළ අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. අපිට ගෘහ සේවිකාවන් යවලා, හරි හම්බ කරන රටක් වෙන්න පුලූවන් කමක් නැහැ. අපි ඉතාම කෙටි කාලයක් තුළ එය අවසන් කරන්න අවශ්‍යයි. උගතුන්ගේ වෙළෙඳපොළ  අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, හෙද සේවයේ ඒවාගේම විවිධ තාක්ෂණික හා කාර්මික අංශවල පුහුණුව ලත් ඔබ වැනි  තරුණ පිරිස් වලට ලෝකයේ දැනුම වෙළෙඳ පොළේ නවෝත්පාදන ආර්ථිකයේ ඉතා ඉහළ ඉල්ලූමක් තියෙනවා.

ඒ සඳහා යොමු කිරීම අවශ්‍ය මග පෙන්වීම අපි රජයක් විදියට ලබාදීමයි මේ වන විට කරගෙන යන්නේ. මේ වසරේ නෙදර්ලන්තයේ ආධාර යටතේ විශ්ව විද්‍යාල මට්ටමක ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආරම්භ වෙනවා. මෙතන ඇමැතිතුමා ඉන්නවා. පසුගිය කාලය තුළ සාකච්ජා කරලා අපිට ඒ අධ්‍යාපන ආයතනය ලැබෙනවා. ඒවා පොලොන්නරු දිස්ති‍්‍රක්කයට පමණක් නොවෙයි ජාතික මට්ටමේ ආයතන. ඒ  සම්පත් ලබාදීම තුළ දරුවනේ, ඔබට අවශ්‍ය යහපත් ලෝකයක ඔබ බලාපොරොත්තු වන ඉතාමත් වැදගත් සමාජයක ගුණගරුක සමාජයක, විනය ගරුක සමාජයක විශිෂ්ට මිනිසුන් විදියට ගොඩ නැගෙන්නයි ඔබට අවශ්‍ය මගපෙන්වීම කරන්නේ. ඔබේ තිබෙන දක්ෂතා, ඔබට තිබෙන නිර්මාණශීලිභාවයන්, කුසලතාවයන් ඔබට තිබෙන ආත්මධෛර්ය, ආත්මශක්තිය සහ ආත්ම අභිමානය එක්ක ඓතිහාසික පොලොන්නරු පුරවරෙන් වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ කතාවෙන් පැවත එන  පරපුරක් විදියට ඒ මිනිිසාගේ ශ්‍රේෂ්ඨත්වය සමග මේ තරුණ දරුවන් ඔබ පොලොන්නරුව නොවෙයි මේ රට නොවෙයි  ඔබ මේ ලෝකය ජයග‍්‍රහණය කරන්න  ජාත්‍යන්තරයේ විශිෂ්ටයින් බවට පත් විය යුතුයි කියන එකයි අපේ ප‍්‍රාර්ථනාව  සහ ආශිර්වාදය වෙන්නේ.

ඒ සඳහා ඔබට අපි මග පෙන්වනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය අපි ලබාදෙනවා. ඔබ දිවුරුම් දුන් අවස්ථාවේ ප‍්‍රකාශ කළ ආකාරයට සැදී පැහැදී ඉදිරිපත් වී ඉදිරියට එන්න ඔබට ආත්ම අභිමානය ආත්මශක්තිය සමග ඔබ සැම විටම තමන් තමන්ට ආදරය කරන මිනිසෙකු  බවට පත්විය යුතුයි.

 අද මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය මුලූ ලෝකයම වෙලා ගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ලෝකයේ ආණ්ඩු හදනවා. ලෝකයේ ආණ්ඩු පෙරළනවා. දේශපාලන පරිවර්තන කරනවා. ජාවාරම්කාරයින් සමහර ආණ්ඩු පාලනය කරනවා. 

අපේ රටත් වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන රටක්. අපි දූපත් රාජ්‍යයක් විදියට මෙරටට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙනඒම මහත් ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් දරුවනේ ඔබගේ කැපවීම, අධිෂ්ඨානය තුළ මම හිතනවා ඔබ සියලූ දෙනාම මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ දරුවන් බව. මතට ඇබ්බැහි නොවූ අය බවට මම ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. මේ තෙදින තරුණ කඳවුර තුළ ඔබට පෙන්වන මඟපෙන්වීම තුළින් ඔබ ජීවිතය ජයගන්නා ආකාරය පෙන්වා දෙනවා. ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක් වන්න, ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයෙක් වන්න, විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වන්න ඔබ මතින් නිදහස් මිනිසෙක් වන්න අධිෂ්ඨාන කරගන්න. ඒ තමයි ජාතියේ අනාගතය වෙනුවෙන් කළහැකි එකම පරිත්‍යාගය වී තිබෙන්නේ.  මෙම වාණිජ සමාජයේ අපිට සිත යොමුවන්නේ අනවශ්‍ය දේවල් වලට තමයි. අපිට සුදුසු, නුසුදුසු දේ මොනවාද කියලා තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. මේ රාජකීය විද්‍යාල භූමිය තුළ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් විදියට වගේම පොලොන්නරු ලක්ෂඋයන ගමේ පාසලට ගිය ශිෂ්‍යයෙක් විදියට, තෝපාවැව මහා විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක් විදියට අද ඔබ දකින ලෝකය එදා මටත් තිබුණා. ඒ ප‍්‍රාර්ථනා පිරි ලෝකයේ මන්ත‍්‍රීවරයෙක් වන්න, ජනපතිවරයෙක් වන්න ප‍්‍රාර්ථනා තිබුණේ නැහැ. එය ජීවිතයේ දෛවය හා දේශපාලනික කැපකිරීමක් ලෙසයි මට ලැබුණේ.   ඔබ අද දකින දේට වඩා එදා මම ගතකළේ ඉතා දුෂ්කර ජීවිතයක්. හරියට ප‍්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුඑ පහසුකම් එදා තිබුණේ නැහැ. අද ඔබ විඳින පහසුකම් එදා අපිට තිබුණේ නැහැ. ඒ නිසා ඔබට ඔබේ අනාගතය සාර්ථක කරන්න, හොඳ තරුණයෙක් බිහිකරන්න, ඔබ සටන් කළ යුත්තේ ඔබ සමගයි. ඔබේ මගේ මාතෘභූමිය යහපත් කරන්නයි. ඔබටත් මටත් වටපිටාවේ තිබෙන ප‍්‍රශ්න එක සමාන වන්න පුඑවන්. නමුත් අපි මාතෘභූමියේ යහපත උදෙසා කැපවිය යුතුයි. මම මේ රටේ සියලූ මාධ්‍ය වලින් ඉල්ලා සිටින්නේ මාධ්‍ය තුළ පුඑවන් තරම් මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව යහපත් කරන්න පුළුවන් දේවල් පෙන්වන්න කියලා. එක් එක් පුද්ගලික න්‍යාය පත‍්‍රවල නැතිව, එක් එක් දේශපාලන න්‍යාය පත‍්‍ර වල නැතිව රටක් ගොඩනගන්න මාධ්‍යයට වගකීම් රාශියක් තිබෙනවා. 

මේ දින තුනක තරුණ කඳවුර අවසානයේ ඔබ පැමිණියාට වඩා ඔබ යනවිට සාර්ථක මිනිසෙකු විය යුතුයි. මේ තරුණ කඳවුර හා එක්වූ ඔබට ඉදිරි මඟපෙන්වීම මේ දින තුනෙන් අවසන් කරන්නේ නැහැ. රජයේ සියලූ අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය නොවන ආයතන සියල්ල එක්ව මේ පැමිණි තරුණ පිරිස්වලට ජීවිත යහපත් කරන්න ප‍්‍රමුඛත්වයක් ලබාදෙනවා. මේ අවුරුද්දේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඔබේ ස්වශක්තියෙන්, දැනුමෙන් කළහැකි කර්මාන්ත සඳහා මිලියන 1700ක් මේ දිස්ත‍්‍රික්කය පුරාවට ලබා දෙනවා. ඔබට හැකි රැුකියාවන්, නිර්මාණශීලි ව්‍යාපෘති ඇතිකරන්න ඔබට තිබෙන අඩුපාඩුකම් තිබෙනවා වෙන්න පුළුවන්. ජීවිතය ගොඩනගාගන්න බැරිව දුක් විඳිනවා වෙන්න පුළුවන්. එවැනි ඔබ සඳහා තමයි මේ දිස්ත‍්‍රික්කයට අපි මෙතරම් මුදලක් වෙන්කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මූලික නියමු ව්‍යාපෘති වැඩසටහන් ආරම්භ කරලා ඔබට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය ලබාදෙන්න.

ඔබේ අනාගතය ඉතා වාසනාවන්තයි. ඔබ කිසිවිටෙක පසුපසට යන්න එපා. ඔබ සැමවිටම ඉදිරියට යන්න. ඔබ කිසිදු විටෙක පරාජිත හැඟිම් ඇතිකරගන්න එපා. කිසිවිටෙක නැතිබැරිකම ප‍්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ අත්දැකීම් මමත් මගේ ජීවිතය තුළ විඳපු කෙනෙක්. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ විශාල වශයෙන් සිටින අහිංසක ගොවි මහතුන් ඇතුළු ජනතාවගේ අනාගතය සාර්ථක කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒක අපේ රාජ්‍ය වගකීම වගේම පෞද්ගලිකව කැපවෙනවා.

ඒ නිසා මෙතැන සිටින සියලූ ජනතාවට ආශිර්වාද කරමින් මේ සඳහා වෙහෙස මහන්සි වූ සියලූ නිලධාරීන්ට හා ත‍්‍රිවිධ හමුදාවන්ට ස්තුතිය පළකරනවා. ඔබ සියල්ලටම තෙරුවන් සරණින් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න හැකිවේවා ප‍්‍රාර්ථනා කරනවා. මේ කඳවුර මගින් ඔබ සියලූ දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගනිමින් මාතෘභූමිය ඉදිරියට ගෙනයමු කියලා ආයාචනා කරමින් මගේ කතාව අවසන් කරමි.

මේ උත්සවයේ පිළිගැනීමේ කතාව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් සිදුකරනු ලැබූ අතර තරුණ කඳවුර ප‍්‍රතිඥාව කියවීම වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් තරුණ  කඳවුරට සහභාගිවූ කේ.කේ. චාමර දේශපි‍්‍රය තරුණයා විසින් සිදුකරනු ලැබීය.

තරුණ කටයුතු රාජ්‍ය ඇමති  නිරෝෂන් පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුද උත්සව සභාව ඇමැතූහ

ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් විසින් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනගත විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් විසින් නර්තන අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව විචිත‍්‍රවත් කරනු ලැබීය.

 



අදහස් (1)

අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා

saman Monday, 13 March 2017 12:07 PM

මුලින්ම ඕක ඔබතුමාගේ පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්තනම් නේද වඩාත්ම හොද?

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 766 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1196 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 380 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site