IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවේ අළුයට ගිනි

ආණ්ඩුව හා හවුල්කාර දේශපාලන පක්ෂ අතර මත ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් විටින් විට එළියට එමින් තිබේ. ඉන්ධන ගැටලුව මුල්කරගනිමින් බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම ඉකුත්දා උදය ගම්මන්පිල ඇමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් දක්වා දුරදිග ගියේය.

ප්‍රශ්නය එතැනින් නිමවූයේ නැත. විමල්, උදය හා වාසු කණ්ඩායමට ආණ්‍ඩුව ඇතුළෙන් නැවතත් ප්‍රහාරයක් එල්ල වූයේය. ඉකුත් කැබිනට් රැස්වීමකදී ගත් තීරණයට පිටතින් යමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීම එම කණ්ඩායම කළ වරද ලෙස හුවා දක්වමින් කැබිනට් රැස්වීමේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ පිරිසක් එම ඇමැතිවරුන් තිදෙනාට දෙස් දෙවොල් නැගූහ. වාග් ප්‍රහාර එල්ල කළහ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම මතක් කර දුන්හ. “බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා මේ තුන්දෙනා ගැන තරමක අමනාපයෙන් ඉන්නේ. බැසිල්ට පාර්ලිමේන්තුවට එන්න ප්‍රධානම බාධාව වුණේ විමල්, වාසු සහ උදයයි. ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොතැබිය යුතු යැයි ඔවුන් තරයේ කියා සිටියා. රට තුළ මතවාදයක් නිර්මාණය කළා. එදා ආරම්භ වුණ මත ගැටුම තමයි තව තවත් දුරදිග යන්නේ. බැසිල් රාජපක්ෂ හිතවාදී මැති ඇමැතිවරුන් අවස්ථාව බලා මේ තිදෙනාට ප්‍රහාර එල්ල කරනවා” යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේය.

“සෞඛ්‍ය අංශ වෙනත් පාර්ශ්ව වගේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුනුත් රට වහන්න කියලා ඉල්ලීම් කළා. එම ඉල්ලීම් කළේ රට ගැන හිතලා. වාසු, උදය, විමල් ජනාධිපතිවරයාට ලිපියක් යැව්වෙත් රට තාවකාලිකව වහන්න කියලා. ජනාධිපතිවරයාගේ තීන්දුව මොකක් වුණත් ලිපිය ලිවීම වරදක් නොවේ. කැබිනට් මණ්‍ඩලයේදී රට වසා නොදමන්න තීන්දුවක් ගත්තා තමයි. ඒත් ඇමැතිවරයකුට තමාගේ ස්වාධීන අදහස ලිඛිත ඉල්ලීමක් ලෙස රටේ නායකයාට යවන්න බැරි ද? ඒ තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද?” ආදී වශයෙන් තවත් පිරිසක් තර්ක කරති.

එහෙත් සාමූහික වගකීම යන න්‍යාය නොපිළිපැදීම සාධාරණ දැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති.
කෙසේ වෙතත් ආණ්‍ඩුවේ පිරිසක් විමල්ගේ කණ්‍ඩායමට දොස් කියද්දී තවත් පිරිසක් නිශ්ශබ්ද වූහ. එසේ වූයේ ආණ්‍ඩුවේ ඇතුළේ අර්බුදවලට අත දැමීම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගැනීමකැයි ඔවුන් සිතූ නිසාය. මේ අතර විමල්, වාසු සහ උදය යන්තමින් හෝ බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම පමණි. ඩලස් කීවේ කැබිනට් මණ්‍ඩලය රට වසා නොදැමීමට තීන්දුව ගන්නා අවස්ථාවේ එම ඇමැතිවරුන් තිදෙනා කැබිනට් රැස්වීමේ නොසිටි බවය.

කැබිනට් තීන්දුව ගත් අවස්ථාව වනවිට ඔවුන් වෙනත් රැස්වීමකට ගොස් සිටි බව ද එම තීන්දුව පිළිබඳව ඔවුන්ට දැනුම්දීමට නොහැකි වූ බව ද ආදී වශයෙන් කියමින් ඩලස් ඇමැතිවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටියේය. ආණ්‍ඩුව පිහිටුවීමට එම ඇමැතිවරු මෙන්ම සාගර කාරියවසම් ලේකම්වරයා ද විශාල කැපකිරීමක් කළ බව ද ඩලස් මතක් කර දුන්නේය. විමල්ලා වෙනුවෙන් පෙනී සිටිමින් සාගර කාරියවසම් බේරා ගැනීමට ද ඩලස් වගබලා ගත්තේය.

ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ තවත් උණුසුම් පුවතක් පැතිර ගියේය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසකගේ දුක්ඛ දෝමනස්සයට හේතු වූ එම පුවත වූයේ මංගල සමරවීරගේ හදිසි අභාවයයි. කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මංගල සමරවීර අභාවප්‍රාප්ත වූයේය. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සුවය ලබනු ඇතැයි බොහෝ දේශපාලනඥයෝ විශ්වාසය පළ කළහ.

“මංගල දේශපාලන කරළියේ පෙරැළිකාරයෙක්. ඔහුට ආණ්‍ඩු පිහිටුවන්නත් ආණ්ඩු පෙරළන්නත් හැකියාවක් තිබුණා. හැමවිටම නිදහස් මතය ප්‍රකාශ කළා. දේශපාලන වාසිය අවාසිය නොබලා මංගල තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටියා. ජාතිවාදය හෝ ආගම්වාදය විකුණමින් කරන දේශපාලනය මංගල දැඩි ලෙස විවේචනය කළා.” ආදී වශයෙන් ජනාධිපති, අගමැති සහ දේශපාලන පක්ෂ නායකයෝ සිය ශෝක පණිවුඩ මගින් මංගලගේ ගුණ වර්ණනා කළහ. “මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ආණ්ඩුවේ මතයට විරුද්ධව අදහස් දැක්වීම නිසා ඔහුට විදේශ අමාත්‍ය ධුරය අහිමි වුණා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ලංකාව හැමදාමත් හිටියේ පලස්තීනයට හිතවාදීව. ඒත් ආණ්‍ඩුව නොදැන මංගල තමන්ගේ මතය ප්‍රකාශ කළා යනුවෙනි. පසුව එ.ජා.ප.යට එක්වූ මංගල යහපාලන ආණ්‍ඩුවේ ප්‍රබලයෙක් වුණා. යහපාලන ආණ්ඩුවේ අවසන් භාගයේදී ඔහුට අගමැති සිහිනයක් තිබුණා. කවදා හෝ රටේ අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමේ අධිෂ්‍ඨානයෙන් තමයි මංගල කටයුතු කළේ. සමගි ජන බලවේගය පක්ෂයේ දෙවැනියා වීමටත් ඔහුට අවශ්‍ය වුණා. ඒත් එම පක්ෂය තුළ කටයුතු කිරීමෙන් තමන්ගේ ඉලක්කය සපුරාගත නොහැකි බව තේරුම්ගත් මංගල ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනාව ඉවත් කරගත්තා. ඒ නිසාම මංගලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා අහිමි වුණා” යැයි දේශපාලන මතධාරීහු අදහස් ප්‍රකාශ කළහ.

මංගල සමරවීර කොළඹ ඩීන්ස් පාරේ කාර්යාලයක් කුලී පදනම මත ලබාගෙන නව සංවිධානයක් පිහිටුවූයේය. තවත් එහෙත් වෙනස් ගමනක් යෑමේ සූදානමිනි. ඔහු අවසන් වරට මීට මාසයකට පමණ පෙර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේය. ‘සැබෑ දේශප්‍රේමියා’ නමැති සංවිධානය ඔහු එදින ජනගත කළේය. තමන්ගේ සංවිධානය තුළ තරුණ තරුණියන්ට ඉදිරි ගමනක් ඇතැයි එදින මංගල කීවේය. මංගලගේ අලුත් වැඩපිළිවෙළ ගැන සමාජ මාධ්‍ය ජාලාවල නොයෙක් තොරතුරු පළ වී තිබුණේය. “මංගලගේ උත්සාහය චන්ද්‍රිකාගේ පුතා දේශපාලනයට ගේන්න. විමුක්ති කුමාරතුංගට ඉදිරි දේශපාලන ගමනක් හදන්න තමයි මංගල මේ කටයුතු කරන්නේ” යැයි ද එම තොරතුරුවල සඳහන්ව තිබිණ.

කොරෝනා වසංගතය හේතුවෙන් දේශපාලනඥයන් කැපකිරීම් කළ යුතු යැයි ද විශේෂයෙන් ආණ්‍ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළ යුතු යැයි ද පවසමින් සමාජ මාධ්‍යකරුවෝ දින ගණනාවක් තමන්ගේ විශාල කථිකාවක් සමාජගත කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් “ඉදිරියේදී ජනතාව කැප කිරීම් කළ යුතුයි” යැයි යන අදහසින් කළ ප්‍රකාශය සමාජ මාධ්‍යකරුවන් රුකුලක් සේ ගෙන එම ප්‍රචාරණය කළ අතර පසුව එය සමාජගත වූයේය. කෙසේ වෙතත් ඉකුත් දින ගණනාවේදීම ආණ්‍ඩුවේ මෙන්ම විපක්ෂයේ ද මැති ඇමැතිවරු පිරිසක් සිය මාසික දීමනාව කොවිඩ් අරමුදලට කැපකිරීමට පියවර ගත්හ. මේ අතර ආණ්‍ඩුවේ ඇමැතිවරු ඒ පිළිබඳව කැබිනට් මණ්‍ඩලයේදී ද සාකච්ඡා කර එකඟතාවකට පැමිණියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොවිඩ් අරමුදලක් ආරම්භ කළ අතර, ඉකුත් අඟහරුවාදා පක්ෂ මූලස්ථානයට පැමිණි නායක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මන්ත්‍රීවරු පිරිස රුපියල් ලක්ෂය බැගින් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළහ. ශ්‍රී.ල.නි.ප.ය සඳහන් කරන්නේ පක්ෂයේ බිම් මට්ටමේ සිටින ක්‍රියාකාරිකයන්ට, පළාත් පාලන නියෝජිතයන්ට, සුබ පතන්නන්ට මෙන්ම විදේශ රටවල වෙසෙන ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට ද එම අරමුදලට දායක විය හැකි බවය.

මේ අතර ඉකුත් බදාදා පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැතියේ සූම් තාක්ෂණය ඔස්සේය. පක්ෂයේ 75 වැනි සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට පැවැති එම හමුවට රුවන්, වජිර, රංගේ, සාගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රැස්වීම ආරම්භයේ මංගල සමරවීරගේ අභාවය පිළිබඳව සියලු දෙනා සිහිපත් කළ අතර, ශෝකය පළ කිරීමක් ද සිදු විය. එහිදී තීරණය වූයේ 75 වැනි සංවත්සරයේ වැඩකටයුතු සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටය. එ.ජා.ප. සංවත්සරය සැප්තැම්බර් මස 6 වැනි දිනට යෙදී තිබේ.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ තැන්පත් කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ඉකුත්දා කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් හඳුන්වා දුන්නේය. එහි මිල රුපියල් 4,500කි. මහ නගර සභාවේ ප්‍රියන්ත සහබන්දුගේ අදහසක් අනුව මෙම අඩු වියදම් මිනී පෙට්ටි නිෂ්පාදනය ආරම්භ වූ අතර රොයිටර් පුවත් සේවය ඊට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. සහබන්දු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, ප්‍රතිචක්‍රීයකරණ ලද කාඩ්බෝඩ්වලින් මෙම මිනී පෙට්ටි නිෂ්‍පාදනය කරන බවය. මේ වනවිට රොයිටර් පුවත් සේවය මෙම වැඩසටහනට විශාල ප්‍රචාරයක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් යැව්වේය. එම ලිපියෙන් ඔහු සිය කණස්සල්ල පළ කර තිබුණේ සිය අමාත්‍යාංශයට අයත් ආයතනයක් නාමල් රාජපක්ෂට පවරා දීම හේතු කොටගෙනය. අවසන් වරට සිදු වූ කැබිනට් සංශෝධනයේදී මුදල් රාජ්‍ය ඇමැතිවරයාට පවරා දී තිබූ ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා යටතට පවරා තිබිණ. අජිත් නිවාඩ් කබ්රාල් කණස්සල්ලට පත්ව ඇත්තේ ඒ හේතුව නිසාය. “දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ කාර්යාල පරිශ්‍රයයි තව එක් ආයතනයකුත් පමණයි. ඒකත් නාමල්ටම දෙන්න යැයි මම ජනාධිපතිතුමාට කිව්වා” යැයි රාජ්‍ය ඇමැතිවරයා හිතවතකු සමග ප්‍රකාශ කර තිබුණේය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රුපියල් ට්‍රිලියන හතක පමණ වටිනාකමකින් යුත් මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් අධීක්ෂණය කළ බවය. රට පුරා සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මෙම දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධනය කෙරෙන බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

(*** කස්තුරි)



අදහස් (1)

ආණ්ඩුවේ අළුයට ගිනි

k.wijesuriya Friday, 27 August 2021 09:21 PM

මට හිතාගන්න බැහැ අජිත් කබ්රාල්ට ප්‍රශ්න ඇතිකරන්නේ ඇයි කියලා...? ඔහු තමයි රජයේ හිටපු හොඳම අමාත්‍යවරයා. හොඳටම ප්‍රශ්න තේරුම් ගත්තා...

:       1       1

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4308 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2841 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2996 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3153 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3018 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site