IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.

රෝහිණී කවිරත්නගේ කතාවට පිළිතුරක් ලෙස ව්‍යංගයෙන් අසභ්‍ය වචනාර්ථ වන අයුරින් කතා කළ බවට විපක්ෂය කතානායකවරයාට පැමිණිලි කළේය. ප්‍රශ්නය සමාජ ජාලා මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වූයේය. මුහුණු පොතේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ තිස්සකුට්ටිආරච්චිගේ කතාව හා ඊට එල්ලවන චෝදනාය. ප්‍රශ්නය බොහෝ දුරදිග ගිය තැන ඉකුත් අඟහරුවාදා කතානායක මහින්ද යාපා අබේවර්ධනට ද ඊට  මැදිහත් වීමට සිදු වූයේය. කතානායකවරයා කනගාටුව පළ කරමින් මන්ත්‍රීවරයාට අවවාදයක් ද කළේය.

පොහොර හා කෘමිනාශක තහනම පිළිබඳ ගැටලුව තවමත් නිරාකරණය කර ගැනීමට ආණ්ඩුවට හැකිවී නැත. පොහොර තහනම ඉවත් කිරීමටත් පළිබෝධනාශක පෞද්ගලික අංශයට ආනයනය කිරීමට අවසර ලබා දීමටත් ආණ්‍ඩුව තීරණය කළේය. එහෙත් ප්‍රශ්නය තව තවත් ගැටගැසී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.’’ රජයේ තීරණයට පට හැනිව යමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට චෝදනා කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයාගේ පියවර නිවැරැදි නැහැ. ඔහු කර තිබෙන්නේ වසර කීපයකට ඉහත කළ ක්‍රියාවක් නිවැරැදි කිරීම පමණයි. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සේවයෙන් ඉවත් කිරීමට පෙර ඒ ගැන සොයා බැලීමක් කර නැහැ’ යැයි දේශපාලන විචාරකයෝ පවසති.

2014 වසරේ දී නිකුත් කර තිබු අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල් ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රීය රසායන ද්‍රව්‍ය අන්තර්ගතවන පළිබෝධනාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය තහනම් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේය. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, දිස්ත්‍රික්ක තුළත් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය රිදීමාලියද්ද සහ කන්දකැටිය යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළත් ඒවා භාවිතය එම ගැසට්ටුව මගින් තහනම් කර තිබිණි. පසුව නිකුත්කර ඇති ගැසට් නිවේදන හා 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇතැම් කරුණු අතර පරස්පරතා තිබෙන හෙයින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එය නිවැරැදි කිරීමට කටයුතු කළ බව ද කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

එහෙත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවය. ඔහු පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වලට පක්ෂව කටයුතු කරන බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය. මීට ඉහත දී පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වලට පක්ෂව හා වාසියන අයුරින් කැබිනට් පත්‍රිකා සකස් කර තිබී පසුව ඒවා තමා නිවැරැදි කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.

පළාත් පාලන ආයතනවල නිලකාලය තවත් මාස කීපයකින් නිමවීමට නියමිතය. පළාත් පාලන ඡන්දය ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් තවමත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව රජය ස්ථිර තීන්දුවකට පැමිණ නැත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ස්ථාපනය කර තිබේ. ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් එම තේරීම් කාරක සභාව මේ දිනවල අවශ්‍ය පාර්ශ්ව කැඳවා ඔවුන්ගේ යෝජනා ගනිමින් සිටී. ‘තවම ස්ථිර මැතිවරණ ක්‍රමයක් නැහැ. ඒත් මාස කීපයකින් පළාත්පාලන ආයතනවල නිලකාලය නිමවෙනවා. එහෙම වුණොත් පළාත් සභාවලට ගිය කලම පළාත් පාලන ආයතනවලටත් යාවි. ඒ ඡන්දයත් කල්යන ලකුණු තමයි තිබෙන්නේ’ යැයි විපක්ෂයේ දේශපාලනඥයෙක් කීවේය. මේ අතර සුළු පක්ෂයක නායකයකු සඳහන් කළේ ‘ආණ්ඩුවට පුංචි ඡන්දය තියාගන්න හදිස්සියක් නැහැ. පළාත් සභා ඡන්දයත් එහෙමයි. ආණ්‍ඩුවට අවුරුදු හතර පිරුණාම එක පාරටම මහ ඡන්දයකට යන්න හැකිවේවි. ආණ්‍ඩුවේ අවශ්‍යතාවත් ඒකයි’ යනුවෙනි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද ඉකුත්දා නිවේදනයක් නිකුත් කළේය. ‘පළාත් පාලන ආයතනවල නිලකාලය අවසන් වීමට නියමිතව ඇති හෙයින් ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතුයි. ඒ සඳහා මේ වන විට ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික සංවිධාන කටයුතු එනම් අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම නිලධාරී හා වාහන සංගණන කටයුතු ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂාව මේ දිනවල සිදුකර ගෙන යනවා. ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු සකස් කරන්නැයි නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා තිබෙනවා.’ යැයි මැතිවරණ කොමිසම සඳහන් කළේය. මේ අතර එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ 2021 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවුණ පුරවැසියන් වෙත්නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දිය හැකි බවය. දෙසැම්බර් මස 3 වැනි දිනට පෙර ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි දේශපාලන පක්ෂවලට දන්වා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීන්දුකර තිබුණේ 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය. එහෙත් එම තීන්දුවට එරෙහිව යමින් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනා අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට සහාය දැක් වූහ. ෆයිසාල් කාසිම් නසීර් අහමඩ් සහ එච්.එම්.එම්. හාරිස් යන එම මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසය ඉකුත් බදාදා පියවර ගත්තේය. මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් ප්‍රකාශ කළේ ‘එම මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කළා. ඒක උත්තරීතර මණ්ඩලයේ තීරණයක්. එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කරනවා. ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසනවා’ යනුවෙනි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසිම් සහ එච්.එම්.එම්. හාරිස් යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් මඩකළපුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් සමග එක්ව එම්.එස්. තව්ෆික් මන්ත්‍රීවරයා ද මීට ඉහත දී මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුවට එරෙහිව කටයුතු කළහ. එම මන්ත්‍රීවරුන් හතර දෙනා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ දී ද මුස්ලිම් කොංග්‍රසය නිවේදනය කළේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසන බවය. විශේෂත්වය වන්නේ මෙවර අය වැයට ඡන්දය විමසන අවස්ථාවේ දී එම්.එස්. තව්ෆික් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නොසිටීමය. එම නිසා ඔහු සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය පියවරක් ගත්තේ නැත.

ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂගේ උපන් දිනය ඉකුත් බදාදාට යෙදී තිබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුමක් පළ කර තිබුණේය.

‘සුබ උපන්දිනයක් අයෝමා. ගෙවී ගිය අවුරුදු ගණනාව තුළ ඔබ දැක්වූ සහයෝගිතාවට ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි’ යනුවෙන් ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණේය.

ගෘහ සේවය ශිෂ්ට රැකියාවක් කර ගැනීම සඳහා වන කතිකාවතක් මේ වන විට ගොඩනැගෙමින් තිබේ.

ගෘහ සේවය රැකියාවක් ලෙස පිළිගැනීමටත් ජාත්‍යන්තර කම්කරු සම්මේලනය ඉදිරිපත් කර ඇති සී. 189 සම්මුතිය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටත් දැනට තිබෙන කම්කරු නීති රීති සංශෝධනය කිරීමටත් අවශ්‍ය බව කියමින් රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් පිරිසක් එම කතිකාවත කරළියට ගෙනවිත් තිබේ. ගෘහ සේවකයන්ට අර්ථසාධක අරමුදල් ආදිය ලබාදිය යුතු බවත් ගෘහ සේවයට බඳවා ගැනීමේ දී ලියාපදිංචි විය යුතු බවත් එම සංවිධාන ප්‍රකාශ කර තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ‘ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සාමාජික රටක් ලෙස එහි සම්මුති පිළිගැනීමට අප බැඳී සිටිනවා. ඒ අනුව වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීමට ඉදිරිපත් කර තිබෙන එම සම්මුති සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම සම්මුති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍යයි. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේ දී ඒ ගැන සලකා බලා වෙනත් රටවල් කරන ආකාරය ගැන බලා සම්මත කර ගැනීමට කටයුතු කරනවා.’ 2019 වසරේදී ජුනි මස 21 වැනි දින ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ දී එම සම්මුති සම්මතකර ගත්තා. සි-189 සහ සි-190 යනුවෙන් එම සම්මුති නම්කර තිබේ.

(*** කස්තුරි)



අදහස් (0)

අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3152 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3018 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site