IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය. 

මහාචාර්යවරයා දිවියට සමුදෙන් විට හැත්තෑ හතරවැනි වියෙහි පසුවිය.  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයිකේ පෙරේරා මහතා  2001- 2004   කාල පරාසයේ  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

පස්වැනිදා රාත්‍රියේ සිට සෙනසුරාදා පස්වරුව දක්වා  දේහය නාවල පිහිටි  නිවසේ තැන්පත් කර ඇති  අතර පසුව බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගෙන යන යනු ලැබේ. අවසන් කටයුතු ඉරිදා දහවල් 12.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

 ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක්, ඉහළ ගණයේ පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙක් ලෙස උපකුලපති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි.කේ. පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධව  වත්මන් උපකුලපති මහාචාර්යය සුනිල් ශාන්ත මහතා,ප්‍රමුඛ ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලයත්,අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව  සාතිශය සංවේගය පළ කර සිටියි.



අදහස් (1)

සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි

Ananda Friday, 05 April 2024 09:32 PM

ඉතාමත් කණගාටුදායක ආරංචියක්. එතුමා පළමුවෙන්ම ඉගැන්වීමට පැමිණෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවටයි. එතුමා අති දක්ශ මගාචාර්යවරයෙකු වූ අතර හොඳ මිතුරෙකි. ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 2578 2

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


එස්. සමරවික්‍රම සමුගනී
2024 අප්‍රේල් මස 29 31 0

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ පියාණන් වන එස්. සමරවික්‍රම මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 3651 1

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 22 4470 17

ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 261 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 285 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


Our Group Site