ඔස්ට්‍රියාවේ වියානාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ චරිත බණ්ඩාර වීරසිංහ මහතා මෙරටට පැමිණ සිටියදී හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි වීරසිංහ මහතා හඟුරන්කෙත කොට්ටල පාරේ පිහිටි සිය නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යනවිට හතලිස්පස්වන (45) වියේ පසුවූ වීරසිංහ මහතා හඟුරන්කෙත උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලය හා පොරමඩුල්ල ජාතික පාසලෙන් අධ්‍යාපන ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඉන් අනතුරුව 2010 වසරේ තානාපති සේවයට එක්ව තිබේ.
මියගිය චරිත බණ්ඩාර මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය ජයරත්න දිසානායක හා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රණසිංහ දිසානායක යන මහත්වරුන්ගේ ඥාති පුත්‍රයෙකි.
දේහය පිළිබඳව අවසන් කටයුතු අද (1දා) හඟුරන්කෙත ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
(එම්.දසනායක)
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
වියානාහී ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති හදිසියේ මිය යයි