IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි

(ශාන්ත කුමාර විතාන සහ ආරියරත්න රණබාහු)

ප්‍රවීණ නවකතාකරුවකු, ගීත රචකයකු ,ධනාත්මක කෘති පරිවර්තකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ප්‍රදිප් කුමාර බාලසූරිය මහතා හදිසියේ අභාවප්‍රත්ත වූයේය.

අසූව දශකයේදී බිහි වූ කුමරි පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ප්‍රදීප අරලිය සඳරේනු, පුවත්පත්වල කතුවරයාලෙ ද  කටයුතු කළේය.

සමනලුන් යන මාවතේ, පුංචි සේවාපාලිකා ඇතුළු නවකතා පොත් රාශියක ද ධනාත්මක චින්තන පොත් රාශියක් ද ලියූ ඔහු දිවයිනේ බොහෝ පුවත්පත්වලට කොටස් වශයෙන් පළවන නවකතා රාශියක් ද ලීවේය. 

ජනප්‍රිය  නවකතා  ධනාත්මක  චින්තන කෘති සහ පරිවර්තන  රැසක් හෙතෙම ලියා පළකර ඇත
ඔහු ලියු පොත් අතර ඔබෙි සිතුවිලි  නිවැරදි  කරගන්න , අපි අවතැන් වූවෙමු, අසාමාන්‍ය  සිතක හැඩ රුව, ආදරයේ භාෂා , ඉසුරින් පිරි ජිවිතයක්, ඔබ මගේ මුර පදේ, ඔබේ යහන සකසන්න, ගැහුණුන්ට වඩා පිරිමි  වෙනස් , ඔබටත දිනිය හැකිය  සහ ඔබ වෙනුවෙන්  තැවෙන්නේ කවුද යන ආදී කෘති රැසකි.

ගීත රචකයකු ලෙස ද  කුසලතා පළ කළ ඔහු ලියූ ගී විජය කුමාරතුංග, ස්වර්ණලතා කවීශ්වර, හේම ශ්‍රී අමරසිංහ ඇතුළු ගායක ගායිකාවෝ රැසකගේ හඬින් ගීතවත් වූහ.

මිය යන විට 63 වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය ගම්පහ පහළගම පැරකුම් පෙදෙසේ නිවෙසෙහි දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු ඉරිදා සවස 4ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.



අදහස් - (0)

මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1433 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1811 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2523 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2045 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2017 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5495 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site