IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ ප්‍රේමසිරි නානායක්කාර සමුගනී

ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ  ප්‍රේමසිරි නානායක්කාර මහතා අද (5)  අභාවප්‍රාප්ත විය. 

මිය යන විට 78   වියේ   පසුවූ හෙතෙම  නිලානී නානායක්කාර මහත්මියගේ  දයාබර ස්වාමිපුරුෂයාණන් වන අතර  දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. 

ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ  විශ්‍රාමලත් සාමාජිකයයෙක් වූ හෙතෙම  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  ඒ  ශ්‍රේණියේ සරල ගී  ශිල්පියකි. 

ප්‍රවීණ තබ්ලා ශිල්පියකු ලෙස  කටයුතු කළ හෙතෙම  කලා භූෂණ සම්මානය  ඇතුළු සම්මාන කීපයකින්ම පිදුම් ලැබූ ජනප්‍රිය  කලා ශිල්පියෙකි. 

හෙතෙම  ජනප්‍රිය ගායිකා තියාගා එන් එඩ්වඩ්  මහත්මියගේ දයාබර සහෝදරයාය. 

දේහය   පානදුර  වැකඩ   අංක  22    ප්‍රනාන්දු පාර  නිවසේ තැන්පත් කර ඇති අතර   අවසන් කටයුතු   අද    (6)   පස්වරු    3 ට  පානදුර නගර සභාවට අයත් මිනුවම්පිටිය    ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

 



අදහස් - (0)

ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ ප්‍රේමසිරි නානායක්කාර සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 88 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1846 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


ජාඇල හිටපු නගරාධිපති සමුගනී
2025 ජුලි මස 29 411 0

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.


වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 162 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1394 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4257 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


Our Group Site