
(සුජිත් ප්‍රසංග)
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.
ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර ඇය මෙහෙය වූ විවිධ වැඩසටහන් ගණන විශාල සංඛ්‍යාවකි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි.දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්තවේ
SUNIL MILANO Monday, 18 September 2023 02:58 PM
ඔබතුමිය රට ජාතියට කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.
ගමේ එකාලා Monday, 18 September 2023 07:10 PM
ඔබතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!