IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී 25% ත් 30% අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය දරණ උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රු 9000 විදුලි බිල රුපියල් 6000 දක්වාත්, රුපියල් 3000 විදුලි බිල රුපියල් 2000 දක්වාත් 33% අඩු කරන බවට, වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, රටේ ජනතාව පීඩාවට පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පැවසීය.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

“වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය බලයට පත්වීමට පෙර මෙරට ණය තිරසරකරණ විශ්ලේෂණය  යළි සමාලෝචනය කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, පෙර පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය යොමු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජූලි මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර විදුලි ගාස්තු වැඩි කරමින් කොන්දේසි සම්පූර්ණ කිරීමේ මෙහෙයුමක රජය නිරතව සිටින බව දැන් මනාව පැහැදිලි වේ.

පසුගිය වසරේ ලාභ ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේ සිට පාඩු ලබන බවත්, එය සංඛ්‍යාත්මකව රු බිලියන 271.1 පමණ වන බවත් පවසමින් මේ සැරසෙන්නේ එදා ජනතාවට දුන් පොරොන්දු කුණු කූඩයට දැමීමට බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මීට පෙරද වත්මන් විදුලි බල අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරද්දීත්, විපක්ෂය ලෙස අපත්, විදුලි පාරිභෝගික සංවිධානත් නැඟූ හඬට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම ජනවාරි මාසයේදී 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ආකාරයද සිහිපත් කරනු කැමැත්තෙචි“ යැයිද එහි සඳහන් වේ.

 



අදහස් (0)

‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
2025 මැයි මස 12 111 0

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම


ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 12 30 0

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව


කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි
2025 මැයි මස 12 83 0

කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි


ගිරිතලේ වැවේ නාන්න ගිය අයෙක් මරුට
2025 මැයි මස 12 125 0

පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.


දුම්රිය දුර්වලයි: කෝපාවෙන් දොස්
2025 මැයි මස 12 310 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ


බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 190 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1148 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1472 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site