IMG-LOGO

‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘

(කවිඳු දිල්ෂාන්)

එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බවද ඔහු කීය.

එබැවින් නැවත දැනුම්දීමක් කරන තුරු එම අවදානම් සහිත ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසද අනෙකුත් ප්‍රදේශවල ධීවරයන්ද කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසද කහවත්ත මහතා පැවසීය. 

 



අදහස් (0)

‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 537 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site