(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණයේදී වතු කම්කරුවන් රැවටූ වත්මන් රජය මහමැතිවරණයේදීද වතු ඔවුන් රැවටීමට සූදානම් වන බවත්, පොරොන්දු වූ රුපියල් 1000 වැටුප ජනවාරි මාසයේ සිට හිඟ වැටුප් සහිතව ගෙවන ලෙසට රජයට බලකර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කොළඹදී අද(27) පැවසීය.
ඉදිරි මහමැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සංධානය ජයග‍්‍රහණය කිරීමට වතුකරයේ ඡනතාව දෑත් ඔසවා බලා සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මෙසේද කීය.
“ඡන්දය දින්නම වතුකරයේ ජනතාවට රුපියල් 1000ක් දෙනවා කියලා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. දැන් එතුමා ජනාධිපති වෙලා මාස තුනක් අවසන් වෙලා තියෙනවා. මේ වැටුප් මාර්තු මාසේ ඉදන් දෙනවා කියලා දැන් ආරංචි වෙලා තියෙනවා. මාර්තු මාසයේ වැටුප ලැබෙන්නේ අපේ‍්‍රල් මාසයේ 10 වැනිදා. එතකොට මේ ගහන්න හදන ගේම හොඳටම පැහැදිලියි.
දැන් අපේ‍්‍රල් මාසේ මේ වැටුප් දෙන්න හදනවිට මැතිවරණ කොමසාරිස් කියයි ඡන්දය ප‍්‍රකාශ කරලා තියෙන නිසා වැටුප් වැඩි කරන්න නොහැකියි කියලා. පහුගිය කාලේ රුපියල් 50ට එහෙම වුණා.මේ සැරේ මහැමැතිවරණයේත් වතුකම්කරුවා රවට්ටන්න තමයි මේ අය හදන්නේ. රුපියල් 1000 දීමනාව ඡන්ද ගුණ්ඩුවක් වෙන්න බැහැ.
වතුකම්කරුවන් සඳහා 1000 දීමනාව අමාත්‍ය මණ්ඩලයට දාලා අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ ගැන අපි ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙනවා. අමාත්‍ය මන්ඩලය ගත් තීන්දුව ක‍්‍රියාත්මක කරන්න කියලා අපි වතු සමාගම් 22 කට කියනවා. සේවකයන් දෙලක්ෂ හතලිස් දහසක් ඉන්නවා. මේ සියලූ දෙනාට ඒ ප‍්‍රතිලාභ ලැබිය යුතුයි.
වතුකම්කරුවන් සඳහා දහසේ දීමනාව රජය නීතිගත කල යුතුයි. වතු සමාගම් විශාල ලෙස ලාබ ලබමින් තිබෙනවා. නමුත් එහි ප‍්‍රතිලාභ සේවකයන්ට ලැබෙන්නේ නැහැ. ජනවාරි සිට හිඟ වැටුප් එක්ක ගෙවන්න කියලා අපි රජයට බලකරනවා.
වතුකම්කරුවන් කිව්වම දෙමළ ජනතාව විතරක් නෙමෙයි. මෙතන සියට හැටක් දෙමළ ජනතාව. අනිත් 40% සිංහල ජනතාවයි. ඒ නිසා සියලූම නායකයින්ට වගකිමක් තියෙනවා මේ ජනතාවගේ වැටුප් වැඩි කරන්න.
ගිය ආණ්ඩුව වේවා මේ ආණ්ඩුව වේවා වතුකම්කරුවන් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඡුන්ද ගුණ්ඩු දිලා මේ අහිංසක ජනතාව රවට්ටන්න එපා කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
දැන් රුපියල් 1000ට කොන්දේසි දාන්න හදනවා. තේ කිලෝ වැඩියෙන් කඩන්න ඕනලූ. රබර් කිරි වැඩියෙන් කපන්න ඕනලූ. එහෙම කරන්න මේ මිනිස්සු රොබෝලා නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව කිසිදු කොන්දේසියකින් තොරව මේ වැටුප් වැඩිකිරිම සිදු කල යුතුයි.
වතු කම්කරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් නැහැ, ආරක්ෂාව නැහැ. මේ අයට විවිධ ගැටලූ වලට මුහන දෙන්න සිදුවෙනවා. මේ වතු කම්කරුවන්ගේ සනීපාරක්ෂක සහ ආරක්ෂාව ලබාදෙන්න කියලත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
දවස් 365 ම අපි මේ වතු කම්කරු ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කරනවා. ඒ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නේ නැති සමහර මැති ඇමතිවරු ඡන්දයක් ආපු ගමන් වතුවලට යනවා. මේ අයට තවදුරටත් වතුකම්කරුවන් රවට්ටන්න දෙන්න බැහැ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලයේ තමයි මේ වතුටික සමාගම් වලට භාර දුන්නේ. ඒ අය වතුටික අරගෙන ව්‍යාපාර කරනවා. රුපියල් 100 දෙන්න වෙනවට සමහර වතු සමාගම් කියනවා අපිට පාඩුයි කියලා.
මේ අය වතු ටික අරගෙන වතුකම්කරුවගේ ලාබයෙන් මාලදිවයිනේ, මැලේසියිෙවේ හෝටල් හදලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ ලේ දහඩියෙන් හම්බකරගෙන මේ මිනස්සුන්වම රවට්ටනවා. වතුකම්කරුවන්ට 1000 දීමනාව ලබාදෙන්න මේ රජය වහාම වතු සමාගම්වලට නියෝගයක් ලබාදිය යුතුයි.
මේ වතු පාඩුනම් ආණ්ඩුවට භාරදෙන්න කියලා අපි කියනවා. මේ වතුවලට ලැබෙන ලාබයෙන් රුපියල් 1000ක් නෙමෙයි ඊටත් වඩා දෙන්න පුලූවන්.
අපි මෙච්චර කාලයක් පිරිසිදු දේශපාලනය නිරරත වෙලා තියෙනවා. අපිට බාර් නැහැ, ෂෙඞ් නැහැ, රජයේ ඉඩම් කොල්ල කාලා නැහැ. අපේ දෑත් පිරිසිදුයි. අපි වතුකම්කරුවන් වෙනුවෙන් නෙමෙයි වතු සේවකයන් වෙනුවෙන් අපි ජීවිතය පරදුවට තියාගෙන කැපවෙනවා.
වතු කම්කරුවන්ට අද විශ්වාසයක් තැබිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. දැන් බදුල්ලට තවත් ආසනයක් ලැබිලා තියෙනවා. වතුකර ජනතාවගේ ඡන්ද ලක්ෂ 15ක් තියෙනවා. මේ ලක්ෂ 15 ම එක ඡන්දයක්වත් එහෙට මෙහෙට වෙන්නේ නැතුව සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ඒ සංධානයට ලැබෙනවා.
ලබන අපේ‍්‍රල් මාසය වනවිට වතුකරයේ ජනතාවගේ ඡන්දයෙන් අපි සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති බවට පත් කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘රජය මහමැතිවරණයේදීත් වතුකම්කරුවන් රවටන්න සූදානම් වෙනවා’