(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ජනතාව අපේක්ෂා කරන ආකාරයේ විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් ලබා දීමට සමගි ජනබලවේගය කැපවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
පලාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹදීඅද (7) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද පැවසීය.
“අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට අපේ ආචාරය පුද කර සිටිනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට අපේ ගෞරවය පුදකර සිටිනවා.
මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරමක්ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව තිබෙනවා. විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට රටේ ජනතාව අපිට පණිවිඩයක් ලබා දී තිබෙනවා’
ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක කරන ආකාරයටයි. මොවුන් ආගම දහම පවා ඒ වෙනුවෙන් භාවිත කළා.
රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි යන ජන මතය ලබාදී තිබෙනවා.
මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කර විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරනවා“ යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘නව ගමනකට මුලපුරනවා‘
පම්පෝරි ජනක Wednesday, 07 May 2025 02:04 PM
දැන්වත් නිදාගෙන ඉන්න මලිමාවේ උන්දැලාට තියෙන්නේ මහබැංකු හොරු, හොර සල්ලි හොරු, සීනි බදු, පොහොර, සුනාමි අරමුදල්, ජනාධිපති අරමුදල් ..හොරු, සහ එකී මෙකී හොරු ටිකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඕක විපක්ෂයක් කියලා දෙයක් ඉතුරුවෙන්නේ නැහැ...
ප්‍රියන්තWednesday, 07 May 2025 02:49 PM
හලෝ පම්පෝරි ජනක, එවැනි ක්‍රියා මගින් මැතිවරණය දිනන්න ඕනකමක් තිබුනානම් මාලිමාවට අසම්පූර්ණ (එබැවින් පරදින) නඩු දමා, කිහිප දෙනෙක් ඇතුලට දමන්න තිබුණා (අරගොල්ලෝ කලා වගේ) නමුත් ඔවුන් එසේ කලේ නැත්තේ ඔවුන් තම ප්‍රතිපත්ති මත පිහිටා සිටින නිසාත්, සියල්ල නිසි පරිදි සිදුවිය යුතු නිසාත් බව ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි!
Mangala Wednesday, 07 May 2025 02:21 PM
සිහින ජනපති...!
ජිල්බු Wednesday, 07 May 2025 02:24 PM
පුරමු සෑර් අපිත් එනවා. දිගටම පුර පුර ඉමු.
සාලිය Wednesday, 07 May 2025 02:46 PM
අදක්‍ෂ කම, මෝඩ කම, උඩගු කම විතරයි. ගෙදර යන්න... වෙන කෙනෙක් හිටියා නම් එකමුතු කමින් පහු ගිය චන් ද 3 ම දිනලා... යන්නේ නැත්නම් එලවලා දාලා එකමුතු වෙමු.
ගමේ එකාලා Wednesday, 07 May 2025 02:50 PM
ඔය ගමන ආරම්භ කරලා දැන් කාලයක් වෙනවනේ? කියපු කරපු දේවල් ගැනත් අපි හොන්දාකාරවම දන්නවා .පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව තවත් මොන බයිලද?
Siri Wednesday, 07 May 2025 03:07 PM
"ලාහෙට ගෙම්බෝ එකතුකරන එක" එක දිගට ඡන්ද පරදින එක වගේ ලේසි වැඩක් වෙන්නේ නෑනේ පුතාණෝ...
milan Wednesday, 07 May 2025 03:10 PM
අපිට හොඳට මතකයි ඔබතුමාලා එකතු වෙලා රටට කරපු හරිය ඔබතුමාට පර්ලිමේන්තු මැතිවරණයේදී ලිස්ටෙකෙන් තේරුණු මන්ත්‍රීවරු තුන්දෙනා දාන්න මාස එකහාමාරක් විතර ගියා. එමනිසා ඔබතුමාලාගේ එකතුවීම් ඔබතුමාලට හොඳයි. නමුත් ජනතාවට කිසිම සෙතක් නැත. ඔයත් ජනතාව අමාරුවේ දාන්න කරන වැඩක්...
සෙනෙවිරත්න Wednesday, 07 May 2025 03:28 PM
ඔහේ මොනවා කීවත් අපි දන්නා විදියට අපට පේන විදියට සජබෙන් දිනපු අය තනියම වියදම් කරගෙන ඕකට එන්නේ කොන්ත්‍රාත් වලින් හම්බ කරන අදහසින්ම තමයි. ඔයා කියන බණවලින් උන්දැලා දමනය කරන්න බැහැ. මොකද ඒක තමයි ඒ අයගේ මූලික අපේක්ෂාව, ඒක නිසා මාලිමාවට වඩා හොඳ විනයක් ඇතිව එන්න...