(අංජුල මහික වීරරත්න)
හෙද සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට ගැසට් නිවේදන දෙකක් ලබන සිකුරාදා නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 850ක් හෙද සේවය බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
"අපිට හෙද කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් පවතිනවා. උතුරේ පමණක් ප්‍රාදේශීය රෝහල් 33ක කිසිදු හෙදියක් නැහැ.
ඊට අමතරව පසුගිය කාලයේදී හෙද උපාධි ලබා ගත් 875ක් උපාධිධාරීන් අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.ඊට අදාළ ගැසට් පත්‍රය 18 වැනිදා නිකුත් කරනවා යැයි අමාත්‍යවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හෙද සේවයට අලුතෙන් 3500ක්