
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.
පෞද්ගලික ආයතනයක් මෙම ජලාශය ඉදි කරමින් සිටින බව මන්ත්‍රීවරු පැවසූහ.
නායයාමේ අධි අවදානම් කලාපයක් ලෙස හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු වැටිය හඳුන්වාදී ඇති බැවින්ම එම කඳු වැටිය මුදුනේ ජලාශයක් ඉදිකිරීම ඉතා අනතුරුදායක බවත් අක්කර කාලක පමණ ගල් පර්වතයක් සමග කඳුවැටියට පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරය මතට රූරා ඒමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඇති විය හැකි තත්ත්වය අමුතුවෙන් කීම අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක සල්ගාදු මහතා පැවසීය.
මේ පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතාගෙන් අද (11)දින විමසූ විට මෙසේ කීවේය.
''පෞද්ගලික ආයතනයක් එම ජලාශය ඉදිකිරීම් සිදු කරනවා. සභාව මගින් මේ වන විටත් එය තහනම් කර තිබෙනවා. මේ වෙන විට යම්කිසි ප්‍රමාණයක් නිසි අවසරයකින් තොරව ඉදිකර තිබෙනවා. ජලය පුරවා නැති නිසා දැනට අවදානමක් නැහැ. අදාළ වගකිවයුතු අංශ සමඟ එක්ව ඉදිරියේදී ඉක්මන් පියවර ගන්නවා'' යැයි ද සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදි කරනවාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය
කුමා Wednesday, 11 November 2020 07:24 AM
රත්නපුරේ බෝපත් ඇල්ල හරස් කොට මෙවැනි ජලාශයක් ඉදිකර තිබෙනවා .... විදුලිය නිපදවා රජයට විකිනීම පිණිස..
Perera Thursday, 12 November 2020 04:22 AM
ඕවා ප්‍රාදේශීය සභාව තහනම් කලාට වැඩක් නැහැ. දැන් මේ 20 වෙනි සංශෝදනයෙන් පස්සේ කාලයයි.