IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

(ගයාන් සූරියආරච්චි)

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින් ඇගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස එම තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා  හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණි.

එහිදී දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව හයේෂිකා ප්‍රානාන්දු නැමැත්තිගේ සැමියා සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 951 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 305 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 544 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 942 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 664 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 839 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site