(අංජුල මහික වීරරත්න)
සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතේ විධිවිධාන ප්‍රකාරව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ සියලු දේපළ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරනු ලැබ ඇත.
ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ, රත්මලාන ගුවන්තොටු පොළ, යාපනය ජාක්‍යන්තර ගුවන් තොටු පොළ සහ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා දීමට අදාළ නියමයන් ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ විධිවිධාන ප්‍රකාරව ගුවන් තොටුපොළවල් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ව්‍යවස්ථාපිත සේවා සැපයුම්කරු වශයෙන් සීමාසහිත ගුවන් තොටු පොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පත් කරනු ලැබ ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පැවරී ඇති එම ගුවන් තොටුපොළවල් භාවිත කිරීම වෙනුවෙන් සීමා සහිත ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් වාර්ෂික නාමික ගාස්තුවක් ගෙවීමට අදාළව 2025 අංක 01 දරන සිවිල් ගුවන්සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග, අංක 2422/38 දරන 2025-02-06 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පනවනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිවිල් ගුවන් සේවා නියෝග පාර්ලිමේන්තුවට