IMG-LOGO

සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිවිය.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.

වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අදාල ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

සමාගම් වල හැසිරීම, ක්‍රියාකාරීත්වය සහ වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ප්‍රධාන නීතිය වන 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධන කිරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදුවන බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.

“නෛතික පුද්ගලයන්ගේ අවසන් ප්‍රතිලාභී හිමිකාරීත්වය හදුනාගැනීම” පිළිබඳ සංකල්පය තුළින් ශ්‍රී ලංකාවේ සමාගම් නීතියෙහි පවතින හිඩැස් කිහිපයක් පියවා ගැනීමත් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහාත් අවශ්‍ය සංශෝධන මේ අනුව සිදුකෙරේ.

 



අදහස් (0)

සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site