IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ගුවන්කරණ රක්ෂණ කොන්ත්‍රාත්තුව දෙයි

(අංජුල මහික වීරරත්න)

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2025-08-11 සිට 2026-08-10 දින දක්වා වූ ගුවන්තරණ රක්ෂණ ඔප්පු 04 ක් ලබා ගැනීම සඳහා සහ 2025-08-11 සිට 2028-08-10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් කර ඇත. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු Sri Lanka Insurance Corporation General Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන්කරණ රක්ෂණ කොන්ත්‍රාත්තුව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 613 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site