IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය

(නාලක සංජීව දහනායක සහ ඩයනා උදයංගනී)

යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.

මෙම පත්කිරීම හරහා දෙමළ ජනතාව ජීවත්වීමට තිබෙන අයිතිය අහිමි වී යන බවද මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

      ‘‘දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගෙන මේ රටේ වෙනසක් ඇතිකරන්න බලය ලබාගෙන නැවැත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධූරයට පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම භයානක තත්ත්වයක්. මේ තුලින් රටේ තවත් ජනතාවකට නිදහසේ ජීවත්වීමට තිබෙන අයිතිය නැතිකර තිබෙනවා. දෙමළ ජනතාවට මේ රටේ ජීවත්වීමට අයිතියක් තිබෙන බව සිතන සිංහල නායකයන් සිටියයුතු බව අපේ අදහසයි.

නමුත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට පත් කිරීමත් සමඟ ඊට වෙනස් දෙයක් අපිට පේනවා. නැවත නැවත යුද්ධ පරිසරයක් තුළ දෙමළ ජනතාව පීඩාවට පත්කරන, උතුරු නැගෙනහිර හමුදා පාලනයක් යටතේ තබාගෙන ඉන්නවා කියන හැඟීම ඉන් ලබාදී තිබෙනවා.

දෙමළ රජවරුන් මේ රටේ යුද්ධ කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ දෙමළ රජකෙනෙක්. ශිව දේවාල 05ක් මේ රටේ තිබෙනවා. මේවා ගණන් ගන්නේ නැතිව සියලු ඉතිහාසයන් විනාශ කිරීමට උත්සාහ කිරීම ඛේදනීය හා භයානක තත්ත්යක් යැයිද සඳහන් කළේය.

 



අදහස් (0)

ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 0 0

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 63 0

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 326 2

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 30 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 722 5

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 926 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1265 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site