විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, විදේශවල නිෂ්පාදනය කරනු ලබන සියලුම ආකාරයේ චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් තිරණය කළේ එම චිත්‍රපට හේතුවෙන් හොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වීම නිසා බවය.
තීරු බදු පැනවීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.
තමන් මෙම පියවර ගන්නේ හොලිවුඩ් සිනමාව යළිත් වරක් ලොව අංක එකේ සිනමාව බවට පත් කිරීමේ අරමුණින් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
pakeer Monday, 05 May 2025 11:48 AM
සුද්දෝ වැඩි පුර ඉන්න කාලේ... ඉංග්‍රීසි ෆිල්ම් වැඩී .. හැබැයි දැන් වැඩි පුර ඉන්නේ ඉන්දියන් කාරයෝ ... චීන කාරයෝ ... එතකොට ඒවා වැඩී
Kamal Koyrala Monday, 05 May 2025 01:34 PM
සැමට හොඳ අවස්ථාවක්... එම ක්‍රමයම අනික් රටවල් හොලිවුඩ් චිත්‍රපටිවලට අය කළ යුතුයි.
Nandalal de Silva - France Monday, 05 May 2025 03:11 PM
ට්‍රම්ප්ගේ බදු ගැහිලි සියල්ලම අප අනුමත නොකරත්, සාධාරණ නොවුණත්, චිත්‍රපට කර්මාන්ත බද්ද නම් අගය කළයුතු වෙනවා. රටක සදාචාරය, සංස්කෘතික අගය, අනන්‍යතාවය වැනි බොහෝ දෙයක් විනාශ කිරීමට හෝ වෙනත් දිශාවලට හැරවීමට විදෙස් සිනමාවට අතිවිශාල බලයක් තිබේ.. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට කණ කොකා හඬන්න පටන් ගත්තේ, විශේෂයෙන්ම, සීමා රහිතව අපේ රටට ගලා එන, තුට්ටුදෙකේ බොලිවුඩ් වැනි සැලොලයිඩ් පට නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ආනයනය කරන චිත්‍රපට අතර වැදගත්, ගුණාත්මක, ආධ්‍යාත්මික වටිනාකමින් යුත් කලාත්මක චිත්‍රපටිත් නැතුවාම නොවෙයි. ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකාවද මෙවැනි තීරණයක් කඩිනමින් ගතහොත්, රජයේ ආදායම් බදු වැඩිකර ගැනීම, විදෙස් විනිමය ඉතිරි කර ගැනීම, උසස් තත්වයේ වටිනා චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කිරීමට අතහිත දීම වැනි කාරණා රාශියක් කිරීමට AKD, මාළිමා රජයට හැකි වෙනු නිසැකයි. කෙසේ වෙතත්, ලොව පුරා සිනමා ප්‍රෙක්ෂකයින් නරඹන Hollywood චිත්‍රපට කර්මාන්තය නම් ට්‍රම්ප් නිසා මාර කට්ටක් කෑවා කියන්න ඕනේ...!