සාහිත්‍යකීර්ති ඩබ්ලියු. ඒ. සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානනීය ගේය පද රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘විජයබා කොල්ලය’ 3ෘ තාක්ෂණයෙන් යුතුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා රැසකදී තිරගත කෙරේ.
ත්‍රිමාන 3ෘ තාක්ෂණික උපදෙස් මත රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස සැකලෙන මෙම චිත්‍රපටයට 360 ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් බුද්ධික විජයරත්න හා සමින්ද වතවනවිතානගේ ප්‍රමුඛ කාර්මික ශිල්පීන් ත්‍රිමාන තාක්ෂණික උපදෙස් ලබාදී තිබේ.
ආචාර්ය තිස්ස අබේසේකර තිරනාටකය ලියූ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයට රංගනයෙන් හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අෂාන් ඩයස්, ඩුලක්ෂි රණතුංග, ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඞ්ලි වෙදමුනි, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා ඇතුළු නළු නිළියෝ රැසක් දායකවී සිටිති.
කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, නිෂ්පාදන සැලසුම් කරණය හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන් බූඩී කීර්තිසේන, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චි, සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය, වේශ නිරූපණයෙන් හර්ෂ මංජුල, කේශාලංකරණයෙන් හරුන් ෂයිඩීන්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ඒ.ඩී. රන්ජිත් කුමාර, සම නිෂ්පාදනයෙන් කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍ර හපුතන්ත්‍රී හා චාන්දි හපුතන්ත්‍රී දායකවී ඇති ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය ‘සරසවි සිනෙරූ’ වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.
- යහම්පත්
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විජයබා කොල්ලය 3D තාක්ෂණයෙන්