IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.

මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්,ඩීසල්,රසායනික පොහොර,සියලුම ජංගම දුරකථන,වෛද්‍ය තාක්ෂණික උපකරණ,ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර,ගිලන් රථ ආනයනයේදී,කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,සූර්ය පැනල,දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි,ස්වර්ණාභරණ,පාම් ඔයිල්,බිත්තර,තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.

තිරිඟු පිටි,ළදරු කිරිපිටි,තිරිඟු,සහල්, සහල් පිටි, පාන්,විදුලිය සහ විදුලි බෙදාහැරීම,බොරතෙල්,භූමි තෙල්,ශ්‍රවණාධාර උපකරණ,මූල්‍ය සේවා,අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.



අදහස් (11)

වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

Rata Perata Monday, 11 December 2023 09:50 PM

ණය ගත්ත ලොකු උන් අල්ලන්නෙත් නෑ හොරකමින් හම්බකරපු දේපල පවරා ගන්නෙත් නෑ .අහිංසක ජනතාවට බදු ගහනවා .මුන්ට හෙන ගහන්නේ නැති එක තමයි පුදුමේ

:       1       6

සිරිබිරිස් Monday, 11 December 2023 10:52 PM

2020 දී රාජපක්ෂලා තිබුණු වැට් එක 3% කින් අඩුකරනකොට එවක විපක්ෂයට බැන බැන එකට උඩින්ම සහයෝගය දීලා සම්මතකරන්න අත උස්සපු පොහොට්ටුවෝ ටිකම දැන් රනිල් එය 18% කරනකොටත් අත උස්සල සම්මත කරලා ,රටේ ජනතව විහිලුවකට අරන් ඉන්න මෙගොලොන්ව අපහු පාර්ලිමේන්තුව පැත්ත පලාතේ යවන්න එපා

:       1       4

Perera Monday, 11 December 2023 11:15 PM

හොරාකාපුවාට දැන් ජාතියක් වශයෙන් එක්සත්ව එක්සිත්ව එකමුතුව ගෙවමු

:       0       3

රංබොඩ Tuesday, 12 December 2023 12:06 AM

සූර්ය පැනල වලටක් වැට් ගහනවා. මේ මිනිසුන් මොනවද මේ කරන්නෙ . ඉවක් බවක් නැතිව වැට් ගහනවා. රටේ සේරම විකුණනවා. ඔය දෙක විතරනෙ කරන්නෙ .

:       0       5

අත් උදව් කරු Tuesday, 12 December 2023 05:41 AM

අත් යන්ත්‍ර බද්දෙන් නිදහස් කරපු එක ලොකු දෙයක්. දැතෙ පිහිට තමා ඉතිරි වෙලා තියෙන්නෙ.

:       0       4

ගජමිතුරු Tuesday, 12 December 2023 05:54 AM

වාර්තාව වැරදීමක් වෙලාද මන්දා .දේශීය නිෂ්පාදනය කල එල් පී ගෑස්.ප්‍රෙට්‍රල් ඩීසල් කියලා තියෙනවා. එහෙම නිෂ්පාදන ලංකාවෙ තියෙන පක්ෂවල දේශපාලුවො හා උන්ගෙ උරුමක්කාර පොල්මක්කාරයො නම් කරන්න දෙන්නෙ නැහැ. කොහොම වුනත් IMF පිරිස නිර්දේශ කිරීම නිසා ඔය වැට් වැඩිකිරීම කලානම් IMF ලාගේ බලාපොරොත්තුව ලංකාවේ දේශීය නිෂ්පාදන අඩාල කරන්න කියලා පැහැදිලියි. දැනටමත් ඇගලුම් ක්ෂේත්‍රය කඩාවැටීම වෙනවා .මෙතෙක් කලක් ලංකාව සංවර්ධනය නොවුනු හේතුවක් තමයි නිෂ්පාදන ආරම්භ අවස්ථාවේදීම බදු පැනවීම .තවත් එකක් තමයි IMF උපදෙස් මත අස්වැසුම ලබාදීම .මෙහෙම බදු ගහල සහනාධාර දීලා කොහොමද රට හදන්නෙ කියලා තේරුම් ගන්න බැහැ විවාදයේදී දයාසිරි කියපුදේ එලෙසින්ම ඉටුවේවා

:       0       2

Ariyadasa Theppanawa Tuesday, 12 December 2023 06:43 AM

දේශීය නිෂ්පාදන හා කෘෂිකර්මය ලංකාවෙන් තුරන්කිරීමට IMF උපදෙස් අනුව බදුපැනවීමක් කියන්න පුළුවන් IMF අරමුදලේ සාමාජිකයන්ගේ රටවල නිෂ්පාදනය මේ අතර තියෙනවාද කියලා .කවුරුහෝ සොයා බලන්න .මේවා මෙහෙම වෙන්න සුනාමි ආධාර ගසාකෑමේ සිට විදේශීය ණය අරගෙන යටිමඩි ගැසූ දේශපාලුවන්ගේ ක්‍රියා කාරකම් හේතුවක් වුනා මෙම විවාදයේදී ලාමොළේ මගහැර ගියේ අනාගතයේ

:       0       2

සල්ලි Tuesday, 12 December 2023 08:24 AM

අස්වැසුම දේශපාලන ලකුණු දා ගැනීමේ ව්‍යාපාරයටත් පාවිච්චි කරන්නේ අපේ බදු සල්ලි. බදු වලට සාපේක්ෂව return අඩුයි මාතියෝ. ගුටි කන්න ලේස්ති වෙලා ඉන්ඩ...

:       0       13

Rohana Tuesday, 12 December 2023 02:59 PM

මේ කරපු වැට් බදු ගැහිල්ල යෝජනා කරපු එවුන්ටත්, පක්ෂව ඡන්දය දුන් එවුන්ටත් වැහි නැති හෙනම වැදිලා මකබෑවිලාම යන්න...

:       0       0

Ranjith Tuesday, 12 December 2023 07:06 PM

මොවුන්ගේ අම්මලා, අප්පලා, ඒ අයට දුක් විඳලා සල්ලි හොයන්න කියලා දීලා නෑ.... ඒකයි. ඔවුන් දන්නේ හොරාකාලා ජීවත් වෙන්න විතරයි.

:       0       1

බදු දෙන්නා Wednesday, 13 December 2023 05:57 AM

මේ වැට් බද්ද අයින් කරලා, නරකද ලැට් වලට යන උන්ට ලැට් බද්දක් ගැහුවොත්?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 480 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1368 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 379 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1404 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 539 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 800 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1025 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site