IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ

(පද්මසිරි ගාර්දියවසම්)

වලස්මුල්ල,රම්මල වරාපිටිය හල්දොලකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබූ මිනිස් පාදයක කොටසක් අද (16) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.

මෙයට මාස දෙකකට පමණ පෙර පාදය හමුවූ නිවසින්  අතුරුදහන්වූ  තිබ්බටු දෙනියගේ ජයසිංහ (51) යන පස් දරු පියාගේ බවට සැකකරයි.

ඝාතනය කර නිවස පිටුපස වළ දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගිය අය සිය සැමියා අතර නිතර ආරවුල් ඇතිව තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය .

ඝාතනයට ලක්වූ අයගේ පවුලේ අය වලස්මුල්ල පොලිසියට පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු අද (16) සැකකරුවන් ගෙන් ප්‍රශ්න කළ බවත් එහිදී වැදගත් සාක්කි රැසක් හෙලිවූ බවද පොලිසිය පැවසීය .

මෙම ඝාතනය පිළිබඳව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කළ බවත් මහේස්ත්‍රාත්වරිය සිද්ධියවූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ලබාදෙන නියෝගය අනුව සිරුරේ ඉතිරි කොටස් ගොඩ ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පැවසීය.



අදහස් (0)

වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 150 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 356 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site