
(රන්ජන් කටුගම්පොල)
පසුගිය ආර්ථික අර්බුදය සමයේදී නීතිඥවරුන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවැත්වු උද්ඝෝෂණයේදී පුවරු ඉරා දමා පොලිසිය ඊට බාධා කිරීමෙන් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් දෙපලක් ශ්‍රේෂ්ඨාධිකරණය දි ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින එවකට ගාල්ල කොටුව හමුදා කඳවුරේ අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කළ කර්නල් අසේල විජේරත්න මහතා විවෘත අධිකරණයේදී පෙත්සම්කාර නීතිඥවරු දෙපළගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය.
ගාල්ල ප්‍රදේශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති එන්. වෙදසිංහ මහතා සහ එවකට ගාල්ල ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේදී අදාළ පෙත්සම්කාර නීතිඥවරු දේපලගෙන් කොන්දේසි විරහිතව මීට පෙර අවස්ථාවකදී සමාව අයද සිට ඇත.
ඊට අමතරව ලිඛිතව සමාව අයදීමේ ප්‍රකාශයක් බාර දෙන බවද අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සමථයකට පත් කිරී ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය අගය කරන බවත් අගවිනිසුරු ප්‍රීතී පත්මන් සුරසේන මහතා කියා සිටියේ ය.
මෙලෙස කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේ අදාළ මුලික අයිතිවාසිකම් පෙස්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
අදාළ පෙත්සම විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබිණි.
පෙත්සම අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd