IMG-LOGO

වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා

(සිරිපුර මදුෂානි අබේසිංහ)

වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ  නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති.

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයේ එම කටු නොමැති වීම හේතුවෙන් තමන්ට පෞද්ගලික ෆාමසි වලින් එක් කට්ටක් රුපියල් 450 ක මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීහු සඳහ කරති.

දින තුනකට වරක් ලේ ලබා ගැනීම සඳහා කටු දෙකක් අවශ්‍ය බවත්, දෙහිඅත්තකන්ඩියේ මූලික රෝහලේ ලේ ලබාගැනීමේ කටු නොමැති වීම නිසා තමන්ට,පොළොන්නරුවට නගරයට කිලෝමීටර් හැටක් පමණ දුර ගොස් එම කටු ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීන්ගේ ඥාතීන් පවසති.

මේ සම්බන්දයෙන් කරුණු දැන ගැනිමට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ බලධාරියකු සම්බන්ධ කරගැනිමට ගත් උත්සහාය අසර්ථ විය. දුරකතනය හා සම්බන්ද වූ නිලධාරිනයක  කියා සිටියේ තමන්ට කිසිවකු ප්‍රකාශ කළ නොහැකි බවයි

 



අදහස් (0)

වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 646 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 773 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site