IMG-LOGO

ලොක්කො රොත්තක් මානව කොමිසමට පයින් ගහලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී  ඇති විවිධ  නිර්දේශ බොහෝ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ. 

මේ අනුව  තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී  දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් පළාත් සභා  ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ  සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව  දැනුම්දි ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පුලුල්ව  දැනුවත් කිරීමටද  එම කොමිෂන් සභාව තීරණය කර ඇත. තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාල ආයතන ප්‍රධානීන් එම වගකීම බාරගත යුතු බවද කොමිසම දැනුම් දෙයි.

ඇතැම් ප්‍රධානීන් කොමිසමේ නිර්දේශවලට එරෙහිව  අභියාචනා ඉදිරිපත් කර ඇතැයි  පවසමින් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හරින   බවත්  නිර්දේශවලට එරෙහිව  අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමු කර  නිර්දේශ ක්‍රියාත්මක නොකර  සිටීමට නීතිමය හැකියාවක් කිසිවකුටත්  නැති බවත්  ප්‍රකාශ කරයි.



අදහස් (0)

ලොක්කො රොත්තක් මානව කොමිසමට පයින් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site