(ආර්.ටි. තෙන්නකෝන්)
පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.
මේ අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දිස්වන භූමියක නටබුන් දැකගත හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඉතාමත්ම ඝන කැලෑවක තිබෙන පුරා විද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට නිරීක්ෂණය කර බැලීමට හැකි වීම බව බව ඒ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මසක පමණ කාලයක සිට මෙහි කැණීම් කටයුතු සිදු කරන අතර මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිතා කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජ මාලිගය පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම් තුළින් සොයා ගත් බව ඒ මහතා පැවසිය.
මේ අනුව 10 සහ 12 වැනි සියවස්වලට අයත් චීනයේ සෝන් යුගයේ චීන කාසි බවද ඒ මහතා කීය.
පොළොන්නරුව යුගයට වඩා අතීතයක් පුරාතනයක් ජනාවාස යුගයක් තිබුණු බවට මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය වනු ඇතැයි ඒ මහතා තවදුරටත් කීය.
හමුව ඇති චීන කාසි පබලු සහ මැටි බඳුන්වල කාල නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පර්යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළ අතර ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේදී සාක්ෂි තවදුරටත් ඔප්පු වන බවද ඒ මහතා අවධාරණය කළේය.
මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්)ලබා ගත් පුරා විද්‍යාත්මක සාධක සහ ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් සාධක පුරාවිද්‍යාත්මක සාධක වලට සමාන බවය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්‍ෂක ආචාර්ය කිය ස්ට්‍රික්ලන් මහතා ඇතුළු විදෙස් විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් එක්ව සිටි.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘ලයිඩා‘‘ තාක්ෂණයෙන් පරාක්‍රමබාහු මාලිගයේ තොරතුරු
kethmi Saturday, 03 August 2024 02:33 PM
ඉන්දියන් කාසි එහෙම නැද්ද?
Sam Saturday, 03 August 2024 07:09 PM
ඩොලර්ස්?