ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගියේ 35 හැවිරිදි ජෝති කුමාර් යාදේව් නැමති තරුණයෙකි. මොහු තිරුපති දුර්ගා සමුද්‍රම් ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුයකු බවත් පැවැසෙයි.
ජෝති කුමාර් යාදේව් අවසන් මහා තරගය නරඹමින් සිට ඇත්තේ රූපවාහිනියෙනි.
ඉන්දීය කණ්ඩායම පරාජය වෙද්දී, සිහිසුන් වී පුටුවෙන් ඇද වැටුණු ජෝති කුමාර් වහා රෝහලට ගෙන යන ලදී. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අර්බුදයට රාජපක්ෂලා ඇල්ලුවා වගේ, මේ අවාසනාවන්ත සිදුවීමේ වැරැද්ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගිණුමට බැර කරන්න බැරිද...?
මෙවැනි මෝඩ ක්‍රියා නම් කොහෙත්ම සිදුවිය යුතු නෑ.
එහෙව් කැමැත්තක් ආශාවක් ක්‍රිකට් වලට සමහර මිනිස්සුන්ගේ තිබෙන්නේ. ඒඅතර අපේ ක්‍රිකට් මණ්ඩලේ වගේ ක්‍රිකට් වලින් බඩවඩා ගන්න පෙරේත වාහෙලාත් ඉන්නවා. සභාපතිගේ මුහුණ දැක්කාම කියන්න පුළුවන් පට්ට හොරෙක් කියලා. නැද්ද අම්මපා?