(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා අද (05)දින රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මිහින්තලේ පාර ,රඹෑවේ පදිංචි ඉලංගසිරි විදානේලාගේ නිමල් සුභසිංහ(75) නැමති යතුරුපැදිකරු බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ඉකිරිගොල්ලෑව,වහමල්ගොල්ලෑව පදිංචි 54 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි. මියගිය අය යතුරු පැදියෙන් රඹෑව නගරයේ සිට මැදවච්චිය දෙසට යමින් සිටියදි ඒ දෙසින්ම පිටුපසින් වේගයෙන් පැමිණි පුද්ගලික බස් රථය යතුරු පැදිකරුද යට කරගෙන දකුණු පස මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසි ත්‍රී රෝදයේද ගැටි ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි බස්රථ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට
Hasantha Rathnayake Monday, 05 May 2025 02:42 PM
ලංකාවේ බස් එළවන්නේ මන්ද මානසිකත්වයක් ඇති අය....ඒවායේ යන අයටයි. දෙගොල්ලන්ටම ජීවිතේ බලාපොරොත්තු අතහැර ගන්න වෙලා තියෙන්නේ.. වෙන රටක නම් මේ වගේ මිනිස්සු මැරෙද්දී, මේ ආයතන බලාගෙන ඉඳීද? කරුමක්කාර පාලකයින් ඉන්න රටක් මේක... අපි පවු ගෙවනවා.
ගුණරත්න Monday, 05 May 2025 03:01 PM
බස් රියදුරන් තේරුම් ගන්න ඕනෑ පුංචි වාහනවල යන උදවියගේත් ආරක්ෂාව ඔවුන්ගේ වගකීමක් කියලා...
suran Monday, 05 May 2025 03:45 PM
මහජනතාව නිතිය අතට ගැනීම සාමකාමී සමාජයක පැවැත්මට හොඳ නැහැ නමුත් මෙන්න මේවගේ තිරිසන් රියදුරන්ට නැවත එම රැකියාව කරගන්න බැරි තරමට සුදුසු දඬුවම් දෙන්න මහජනතාව පටන්ගන්න ඕන. එසේ නොකරන තාක් කල් මේ වගේ තිරිසන්නුන්ව සමාජයෙන් ඉවත් කරන්න බැහැ .