(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිළා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්දි කරනය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලේ ඉහළ හරස්කම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5 ක මුදලක් වැය කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය .
මාතලේ දිස්ත්‍රික්කය තුළින් උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් (ගැහැණු /පිරිමි) ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්දි කරන සිදුකර නැවත අල්ලා ගත් ප්‍රදේශයට රිලවුන් ගෙනවිත් දැමීමට නියමිතය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිලා උවදුරට තිත තියන්න මාතලේ ගමන් අරඹයි
යෝගා Thursday, 12 December 2024 04:17 PM
වැඩේ හොඳයි. ඒත් රිලා ගහණය ලක්ෂ 30කට වැඩියි. රිලව් කීයකට කවදා වෙනකොට ඕක කරන්න බලාපොරොත්තු වෙනවාද? අවුරුදු ගණන් ගතවෙන විසඳුම් නම් මේ වෙලාවේ වැඩක් නෑ..!
ගමේ එකාලා Thursday, 12 December 2024 04:20 PM
රිලා ප්‍රස්නේ අල්ලගෙන බෝඩ් උස්සන් හිටපු උදවියගේ ගෙවල් වලටත් රිලවු ගිහින් දාන්ඩයි තියෙන්නේ...
රුවන් Thursday, 12 December 2024 04:23 PM
අසාර්ථක උත්සාහයක්. වගකීමෙන් කියන්නේ. මුදල් නාස්තිකරන්න එපා...
සමීර Thursday, 12 December 2024 05:32 PM
ඔය රිලා ප්‍රශ්න, අලි ප්‍රශ්න නැති, ජීවිතේට පොල් ගෙඩියක් අඹ ගෙඩියක් කන්නේ නැති පරිසර වේදියෝ බලන් ඉන්නේ මොකක් කරත් විරුද්ධ වෙන්න. අපිටත් ඉතින් ඔය සංදර්ශන වලින් වැඩක් නෑ, වැඩ මිස. ඒ නිසා කරන දෙයක් ඕකට සම්බන්ධ ඉහළ පහළ නිලධාරීන් ටික දැනගත්තාම ඇති. නැත්තන් සිද්ධ වෙන්නේ වැඩේ නොකෙරෙන තැනට වැඩ සිද්ධ වෙන එක...
ගමේ එකාලා Thursday, 12 December 2024 06:36 PM
රිලවුන්ටත් වන්දි දෙනවද? ගොවියාට හුලං... රිළවාට වන්දි...!
NIMAL Thursday, 12 December 2024 07:07 PM
රට තුළ විශාල ව්‍යවසනයක් බවට පත්ව ඇති රිළා සහ වඳුරාගේ උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් වන උපත් පාලන ක්‍රමයක් මගින් බෝවීම වැළැක්විය හැකියි. එය දිගු කාලීන විසඳුමකි. ලංකාවේම ක්‍රියාත්මක කළ හැකි වෙනත් විසඳුම් ඇත. මේ වනවිට ලංකාවේ රිලවුන් සහ වඳුරන් / - මිලියන 3ක් පමණ සිටිනා බව සඳහන් වේ. වඳුරකුගේ අවුරුදු 15 - 40 පමණ කාලයක් ජීවත් වේ. මොවුන් වන්ධ්‍යා කරණයට ලක් කළද මෙම කාලය තුළ ඔවුන්ට යැපීම සඳහා අහාර අවශ්‍ය වේ. එම නිසා දැනට සිටිනා මිලියන 3ක් පමණ රිලවු සහ වඳුරන් ආහාරයට ගොවිබිම් හානි කිරීම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ. එක වඳුරකු වෙනුවෙන් සේවකයින් 11 දෙනෙක් සිටිති. ඔවුන් සියල්ලෝම රිලවා දෙස බලාසිටි. ඔවුන්ගේ කාලය මහජන මුදල් මේ ආකාරයට යෙදවීම සිදුකළහොත් රිලව් සහ වඳුරන් පිළිබඳ වාර්තාවක් IMF වෙත ඉදිරිපත් කර ණයක් ලබාගැනීමට සිදුවනු ඇත...
pj Friday, 13 December 2024 03:33 AM
අණ්ඩුවේ සිටින අචාර්ය රෝගය වැළඳුන සැමට ද මෙවන්නක් සිදුකර හිටපු තැනකට අතහැරලීමෙන් මෙම රෝග උවදුර තවදුරටත් පැතිරිම පාලනය කළ හැකියි...
Lalla Friday, 13 December 2024 07:46 AM
උවදුර රිලවුන් පමණක්ම සීමා නොවේ. වල් ඌරන් ඉත්තෑවුන් තලගොයින් දඬු ලේනන් මොනරුන්...සමහර ප්‍රදේශවල වඳුරන්... දිගුකාලීන උපක්‍රම හොඳ වූවත් අධික ගහනය පාලනය කිරීම අත්‍යවශ්‍ය නේද? වගාව විනාශ වීම බොහෝ ගම්වල ආර්ථිකය කඩාවැටීමට හේතුවක්.සහනාධාර නවත්තන්න නම් මේ සතුන් විනාශ කිරීම අත්‍යවශ්‍ය කරුණක්.ගොවිතැන කිසිම විදියක වනසතුන් හෝ කෘමි සතුන් සමග සහජීවනයෙන් කල හැකි අවිහිංසාව පදනම් වූ වෘත්තියක් නොවේ.....