IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මෙහෙකාරියගේ මරණයට පොලිසියේ හතරක් ගෙදර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවකගේ මරණය  සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

වැලිකඩ පොලීස් ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිසියකට මාරු කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා  නිර්දේශ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇත.

තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වෙනත් ස්ථානවලට මාරු  කර යවා ඇත.  

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක ගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දින වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්වසන අපහසුතාවයකින් පෙලුනැයි කියමින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම කාන්තාව මිය ගියාය. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාර් 42 තිදරු මවකි.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා  විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි.

 

 



අදහස් (12)

මෙහෙකාරියගේ මරණයට පොලිසියේ හතරක් ගෙදර

Nihal Saturday, 20 May 2023 10:02 PM

විනය විරෝධි මිනීමැරීම වෙන්න ඇති...! පව් නැති බැරිකමට ගෙවල්වලට වැඩ කරන්නන්ට මොවුන් හිතන්නේ මැරුවත් බේරෙන්න පුළුවන් වෙයි කියලා..., මොවුන්ට උපරිමයට දඬුවම් දිය යුතුයි. බයිස් කෝප් පුද්ගලයින්ගෙන් ප්‍රසාද ලකුණු ලැබුණේ අහිංසක අම්මෙකුගේ ජීවිතය නැතිකරලා...

:       0       1

Resandi Saturday, 20 May 2023 10:13 PM

ටෙලි නිළියක් හින්දි පොලිසිය රඟපාලා...

:       0       0

කිරිපුතා Saturday, 20 May 2023 11:06 PM

විකාර කර කර ඉන්නේ නැතිව විද්‍යාත්මකව ඒ මනුස්සයා මැරුණු හේතුව තහවුරු කරලා ඉන්න එපැයි.

:       0       1

Mayadunna Saturday, 20 May 2023 11:13 PM

මිනි මැරුමට දඬුවම ඔපමනයි. වැඩ තහනම් අයත් තව මාසෙකින් වැඩ.

:       0       1

ajith Sunday, 21 May 2023 02:45 AM

තවමත් පොලිසි වල මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණක්.

:       0       0

sumanapala Sunday, 21 May 2023 06:10 AM

කවුරුන් හෝ දුන් සංතෝසමකට ගිජුවෙලා එදාවේල හොයාගෙන ජීවත්වුණු අහිංසක කාන්තාවකට ගහලා මරන්න තරම් අමානුෂික වෙලා දැන් තනියම වමාරන්න වෙලා. ඇත්තටම මේ අයට උපරිම දඬුවම් වහාම ලබාදිය යුතුයි. කාලෙකට ඉස්සර මොරටුව පැත්තේ මෙහෙම දෙයක් වෙලා අප්පුහාමිලා විට දැන් ඉන්නේ හිරේ... මහා උන්දැගේ කකුලකුත් කපලා නිසා හොඳටම විඳෙව්වා. රාජකාරිය අකුරටම ඉටුකළ යුතුයි. එකේ කතා දෙකක් නැහැ. නමුත් තිරිසන්නු වගේ හැසිරුණොත් අපරාදේ තමන් විතරක් නෙවෙයි, අපරාදේ තැනගේ දරුවන්ටත් ඒ වරද විඳවන්න වෙන බව කවුරුත් හිතට ගත්තොත් හොඳයි...

:       0       0

මල් මාමා Sunday, 21 May 2023 08:35 AM

ටෙලි නාට්‍යය නිෂ්පාදිකාව කිව්වට පස්සේ පොලිසියේ මහා එකෙක්නේ කොහොමහරි මුදුව හොයාගන්න ඕන කියලා ඔය මියගිය කාන්තාව ගෙන්නලා දස වද දීලා තියෙන්නේ කොහොමහරි පොලිසියේ පොඩ්ඩො ටික අපායට ගියා එතකොට මහා එකාට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැද්ද ඌ එතකොට බබා

:       0       0

රටවැසියා Sunday, 21 May 2023 08:57 AM

පොලිස් අත්අඩංගුවට පත් මිනිසුන් මිය යන අවස්ථා බොහෝ ඇත. මනුෂ්‍යයින්ට වධ දීම, ‍ලංකාවේ පොලිසියට සාමාන්‍යය දෙයක්, වධ දුන් කෙනෙකු මිය ගිය විට එය යටපත් කර මිය ගිය කාරණය වසන් කර වෙනත් හේතුවක් දැක්වීමත් ලංකාවේ වෛද්‍යය අංශවලටත් සාමාන්‍යය දෙයකි!!!. ඕනැම වරදක් කරන පොලිස් නිලධාරීන් මාරු කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ද නැත. පොලිසියට බල පෑමක් කල හැකි රටේ ප්‍රසිද්ධ චරිතයක් නම් පොලිසිය එතැනය! - මේ පාලකයින් රැල මේ රට කිසිම ‍දිනක මනුෂ්‍යයින්ට ආරක්ෂා වි නිදහසේ ජීවත් විය හැකි රටක් බවට පත් කරන්නේ නැත!

:       0       0

Nimal Priyantha Sunday, 21 May 2023 10:06 AM

සුදර්ම නෙත්තිකුමාර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුය

:       0       0

නිහාල් Sunday, 21 May 2023 12:30 PM

මාරු කිරිලි නම් වැඩක් නෑ. හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.

:       0       0

G. K. Ekanayake Sunday, 21 May 2023 12:45 PM

වැඩ තහනම දවස් කීයකටද? සවස් දෙක තුනකින් ඔය තහනම ඉවරයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       0

anura Sunday, 21 May 2023 03:53 PM

ඕක ඉතින් බලන්න දෙයක් නැහැ, ගහලා මරන්න ඇති. අපි දන්නවනේ ඒ ගොල්ලන් ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 324 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 679 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 454 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 181 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site