IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැලේසියාව එක්ක කෘෂිකර්ම පර්යේෂණ ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව අතර විද්‍යාත්මක සහයෝගිතාව විධිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් 2016 වර්ෂයේ දී අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම තවත් වසර පහකින් දීර්ඝ කිරීම පිණිස 2023-05-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 

එකී අවබෝධතා ගිවිසුම අනුව, දෙපාර්ශ්වය අතර වසර පහක් (05) සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ. එකී ක්‍රියාකාරී සැලැස්ම අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (0)

මැලේසියාව එක්ක කෘෂිකර්ම පර්යේෂණ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 613 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site