(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය.
ඔහු මෙම විධිමත් පරීක්ෂණ ආරම්භ කළේ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට පසුගියදා බාර දෙනු ලැබීය.
එම වාර්තාවෙන් හෙළිදරව්වී ඇති කරුණු පදනම් කරගෙන මෙම විධිමත් පරීක්ෂණය ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සිද්ධිය පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂිකා ( පරිපාලන) තච්චනා රාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කණ්ඩායමක් විසිනි. ඊට ඇතුළත්වූ අනෙක් සාමාජිකාවන් දෙදෙනාවූයේ සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ හැන්සාඩ් සංස්කාරිකා නයනි ලොකු කොඩිකාර යන මහත්මීහු වෙති.
මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කෙරිණ.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ට චෝදනා පත්‍ර බාරදී නිදහසට කරුණු විමසීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ විධිමත් පරීක්ෂණයේ වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පාර්ලිමේන්තුවේ මෙවැනි අශෝභන ක්‍රියා ඉදිරියේදී වැලැක්වීමට සියලු පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක්
Piyal weerasinghe Saturday, 30 September 2023 07:19 PM
මේ රටෙහි උත්තරීතර පාර්ලිමේන්තුවේ මෙවැනි ලිංගික හිංසනයට ලක්වෙනවා නම්... අනිත් ආයතන ගැන කවර කතාද?
Bamunuarachchi Sunday, 01 October 2023 12:53 AM
මැති සබේ අනංගයන් සොයන්න දාපු ගොයියා ෂුවර්ද?
fairoos Sunday, 01 October 2023 12:33 PM
මැති ඇමැතිවරුන්ගේ නම් නම් එළියට එන එකක් නැහැ නේද?