IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට පැවති කුකුලු මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිළකට එක්වරම වැඩිවී ඇතැයි ඔව්හු සඳහන් කරති.

මෙයට සමගාමීව වෙලඳපොළේ මාලු මිළ ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 කටත්, බලයා කිලෝව රුපියල් 1400 කටත්, පරා කිලෝව රුපියල් 1700 කටත්, තලපත් කිලෝව රුපියල් 2700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1500 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2800ත් 3200ත් අතර මිළකටත්, බලයා කිලෝව රුපියල් 2000 කටත්, පරා කිලෝව රුපියල් 2400 කටත්, තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1950 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර බිත්තර සඳහා රජය පාළන මිළක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙලද පොලේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු කියති.

 



අදහස් (16)

මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට

බද්රානි Monday, 29 May 2023 08:56 PM

රුපියල ශක්තිමත් වෙලා කියලා උද්දාමයෙන් ඉන්න සම හරක්ට ඕකත් මහලොකු කජ්ජක්ද? තව බඩු මිල වැඩි වෙන්න ඕනා. නැත්නම් රතිඥා පතුකරලා රබන් ගහන්න තරම් ගැම්මක් බඩට දැනෙන්නේ නැහැ. අනික ඉතින් ප්‍රෞඩ ජාතියක් මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ නැත්නම් කිසි ගතියක් නැහැ. කාටද ආඩම්බර...?

:       3       12

Nihal Monday, 29 May 2023 09:06 PM

ඩොලරය සීයට අඩුවුනත් වෙළෙන්දෝ බඩු මිල අඩු කරන්නේ නෑ,කුඩු ගේන උනුන්ගෙයි මොවුන්ගෙයි කිසිම වෙනසක් නෑ

:       0       14

Nalaka Monday, 29 May 2023 09:22 PM

නොකා හරි වරෙල්ලා ජාතිය ,ආගම බේර ගන්න ...

:       1       14

උපාලි Monday, 29 May 2023 10:10 PM

මොකටද වෙළඳ ඇමතියෙක් මෙහෙම සිදුවෙනකොට.

:       0       11

NDF Monday, 29 May 2023 10:55 PM

ඩොලරය බහිනවා ලු. එහෙනම් මේවා නගින්නේ කොහොම ද? විදුලි බිලත් එක් හේතුවක්. අනික පාලකයෝ ‌අසමත් (Fail).

:       1       9

අබරන් Tuesday, 30 May 2023 04:17 AM

ප්‍රශ්නයක් නැහැ...අපේ සිංහල බෞද්ධයෝ ඔය මළ කුනවල් කන්නේ නැහැනේ.

:       0       15

Aruna S Tuesday, 30 May 2023 06:19 AM

නිමල කොඩිතුවක්කු, SJB මෙම්බර් කෙනෙක් ද ?

:       3       2

Chaminda Tuesday, 30 May 2023 06:20 AM

බිස්කට් වලට කරපු වැඩේ කරන්න ඕනා. එක මාසයක් මස් මාළු නොකා හිටියා නම් හරි. අනික ඕක එක මාසයක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැනේ.

:       0       10

පාරිභෝගික සංගමය Tuesday, 30 May 2023 07:30 AM

සාලයා කිලෝව 600ට කමු. ගණන් වැඩි ඒවා නොකා ඉමු.

:       1       4

prasanna Tuesday, 30 May 2023 10:23 AM

ලංකාවෙ දුප්පතාට හැම දාම සෝයා මීට්.

:       0       18

තිළිණ Tuesday, 30 May 2023 10:31 AM

ඊයේ වෙනකොට ඩොලර් එක 290 සීමාවට ඇවිත් .කුකුළු කෑම ,ඩීසල් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙද්දි ඇයි මේ අය මේ විදිහට අසාධාරණ ලෙස මිනිස්සුන්ව හූරගෙන කන්නේ .. කරුණාකර රජය මේකට මැදිහත් වෙලා මිල පාලනය කරන්න .මූදෙන් අල්ලගෙන එන මාළු කිලෝ එකකට අද 4000 ගෙවන්න වෙලා..

:       0       11

wedage Tuesday, 30 May 2023 10:33 AM

රුපියල හොඳටම ශක්තිමත් කියලා කියන්නේ ඕකට තමයි .අඩුම ගානේ ලොසින්ජරයක් වත් ගන්න රුපියලට බෑ

:       0       9

Nimesh Tuesday, 30 May 2023 01:25 PM

මේවා මෙහෙම වැඩිවෙන්නේ මොකද ,එකට යොදන පිළියම් මොනවද කියල කියන්න දන්නා කෙනෙක් මේ පොහොට්ටුවේ වත් පින්පතිගේ කැබිනට්ටුවේ වත් නැහැ ,උන් දක්ෂ නතෂලව හොයාගෙන එක්තරා කොට්ටශයක් පිනවන්න විතරයි

:       1       6

fairoos Tuesday, 30 May 2023 01:48 PM

මේ කාලකන්නි ආණ්ඩුව තියනකම් ඔහොම තමයි ඉන්න වෙන්නේ

:       2       6

අමර Tuesday, 30 May 2023 02:36 PM

රුපියල ශක්තිමත් වෙලා කියනව නේද?

:       0       2

Nimal Tuesday, 06 June 2023 12:42 PM

ඔය වෙලෙන්දොයි දෙස්පාලුවොයි ඔක්කොම එකටමයි නිරේට යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 132 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1216 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 367 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site