IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රී අලි සබ්‍රිගෙ ගමන් බෑගයේ දුරකතන 91ක්

(ටී.කේ.ජී.කපිල,යොහාන් භසුර සහ ඉන්දිකා රමානායක)

නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91ක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් ෙ සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සමස්ථ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි අසූ දෙලක්ෂයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

මේ වනවිට මෙම මන්ත්‍රීවරයා කොළඹ රේගු මූලස්ථානය වෙත රැගෙන විත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මැදපෙරදිග දිවයිනට පැමිණි පුත්තලම දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ගේ ගමන් බෑගය තුළ තිබී රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් රේගුව විසින් සොයා ගන්නා ලදි. අනතුරු මන්ත්‍රිවරයා රේගු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. 

 



අදහස් (19)

මන්ත්‍රී අලි සබ්‍රිගෙ ගමන් බෑගයේ දුරකතන 91ක්

De silva Tuesday, 23 May 2023 10:24 PM

ලෝක හොරු තමයි. හොරුන් විසින් පාලනය කරන රටක් දියුණු වෙන්නේ නැහැ. අරාබි රටක මෙහෙම කළා නම් මෙලහකට ඇඟිලි කීපයක්වත් කපා දමලා.

:       0       0

චන්දිම Tuesday, 23 May 2023 11:32 PM

නම දැක්ක ගමන් ඉස්සෙල්ලා මම හිතුවේ නීතිය දන්නා මහා අලියා කියලා. හැබැයි දැනුයි දන්නේ මේ පොඩි අලියෙකුත් ඉන්නවා කියලා. ඔහොම තමයි ඉතින් නේද? නැත්නම් මේ ගොල්ලෝ කොහේද අර මහා තාප්ප දාපු මන්දිර හදාගෙන දිව්‍ය ලෝකේ මෙහේ ගෙනත් වගේ ජීවත් වෙන්නේ. අපි පොඩි කාලේ නම් කැස්බෑවේ ආටිගල හේවාහැට ඩැනියෙල්ස් වගේ අයත් මාට්ටු වුණා. හැබැයි ඒ අයට නම් ලැජ්ජාවක් තිබිලා දියවන්නාවෙන් අස්වුණා. දැන් උන්දැලාට කොහෙද එහෙම...? සමහරවිට හෙට ඡන්දෙටත් ගෙන්න ගනීවි. හැබැයි සතුටු වෙන්න පුළුවන් අර නිලධාරින් බය නැතුව දළ ඇතෙක් අල්ලපු එක. ඉස්සරහටත් ඔය අයට කිසිම බුරුලක් දෙන්න නරකයි.

:       0       0

Bamunuarachchi Tuesday, 23 May 2023 11:42 PM

හිතන්න ඇති මම මන්ත්‍රී කියලා ශේප් වෙන්න....

:       0       0

kule Wednesday, 24 May 2023 12:21 AM

විශේෂ අමුත්තන්ගේ පර්යන්තය..., ශ්‍රී ලාංකික ප්‍රභූවරුන්ට තහනම් කරන්න.

:       0       0

Surathala Wednesday, 24 May 2023 12:26 AM

දියවන්නාවේ අය ඔතැනින් මැණික් ගෙනියනවා කියන කතාවත් ඇත්ත වෙන්න පුළුවන්...

:       0       0

Chathuri Wednesday, 24 May 2023 01:15 AM

පුදුමයි ඒත් ඇත්තයි. අලි බබා මෙහෙම නම්. ඇමරිකාවේ ඉඳලා එනයන කපුටා ළඟ කොහොම ඇත්ද? මේ වගේ කපුටාවත් පරික්ෂා කෙරුවා නම්... අද අපේ රට මේ තරම් හිඟන තත්වෙට වැටෙන්නේ නැහැ. දැන් මයිනා. ලෑස්තිත් ඇති බේරාගන්න... මයිනාගේ පරපුරට රත්තරන් ඕනෑනේ. මේක. දඬුවම් ලැබෙයිද? මන්ත්‍රීකම අහෝසි කරයිද? සේරම දේවල්... කිසිම දෙයක් නැති රට වැසියට විතරයි.

:       0       0

පොඩි විඡේ Wednesday, 24 May 2023 02:06 AM

අනේ පව් අප්පා... අහිංසක බදියුදීන්ගේ මල්ලී. ලංකාවට කුඩු අයිස් ගේන ජාතික හොරු...

:       0       0

shalika Wednesday, 24 May 2023 03:24 AM

ඇමැතිවරු ටිකත් පරීක්ෂා කළා නම් මීට වඩා දේවල් අහුවෙනවා.

:       0       0

nanda Wednesday, 24 May 2023 03:32 AM

225 ආදර්ශමත් විය යුතු වෙන්න ඕනේ... නීතිවිරෝධී වැඩ කරගන්න පාර්ලිමේන්තුවට එන හොරු තමයි මේ...

:       0       0

කීර්ති වර්නකුලසූරිය Wednesday, 24 May 2023 03:56 AM

මෙයා ඔරිජිනල් සබ්‍රි නෙවෙයි. ඩුබ්ලිකේට් කෙනෙක්....

:       0       0

ඡන්දදායකයා Wednesday, 24 May 2023 04:28 AM

අද දින පැවැත්වෙන ඡන්දයේදී ඔහුගේ අනාගතය විසඳෙනු ඇත...

:       0       0

විජේ Wednesday, 24 May 2023 04:41 AM

මගේ කන්දෙකම ඔට්ටුයි, ඔයාලා එකොළොස් දෙනා තමයි අන්තිමට ඕකට වැරැදිකාරයෝ වෙන්නේ සහ ගෙවන්නේ. මෙයා බේරෙනවා, ඔවුන් මෙයාව බේරනවා... ඔට්ටුද?

:       0       0

නිමල් Wednesday, 24 May 2023 05:40 AM

ඔවුන්ට නීතිය අදාල නැහැ. දේශපාලකයින් බැංකුවලට තබා ඇති පොලු මහදවල් හොරකම් නොවේද?

:       0       0

Nimal Wednesday, 24 May 2023 05:47 AM

ගෞරවනීය....!

:       0       1

Perera Wednesday, 24 May 2023 06:01 AM

මන්ත්‍රී වරප්‍රසාද යටතේ ජනතා සේවය සඳහා ගෙනාපු දේවල් නේ මේ

:       0       5

Hemantha Wednesday, 24 May 2023 06:58 AM

අහු උන එක විතාරයි වෙන්න ඇති

:       0       7

යස Wednesday, 24 May 2023 07:01 AM

දේශපාලනය ඉතා හොද ව්‍යවසායකයෝ බිහි කරනවා කියන්න හොද උදාහරණයක්. මන්ත්‍රී මෙහෙම නම් අනිත් අය කොහොම ඇතිද? ඔය අල්ලාගත්තු පරීක්ශකයින්ට අබ සරණයි වෙන්නත් ඇහැකි.

:       0       5

ලුම්බිණි Wednesday, 24 May 2023 07:03 AM

හොරකම රස්සාවට කරන බවක් පෙනෙන්නේ. අපරාදේ අරගල කාරයෝ ගේ ගිනි තිබ්බේ.

:       0       5

Ranpatabendi Mudiyanselage Dharmasena Wednesday, 24 May 2023 09:02 AM

පවු අහිංසකයා .ඕවා ගෙනාවේ හාමුදුරුවරුන්ට පූජා කරන්න .වහාම එයාව නිදහස් කරන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 835 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1967 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 908 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 164 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 706 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 384 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site