(තරංග ගුණරත්න)
විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ නිවෙසකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
ආගමික චාරිත්‍රානුකූලව අති උත්කර්ෂවත් ලෙස ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඇයගේ නිවසේ කටයුතු සංවිධානය කරද්දී අද අළුයම 3:00 පමණ තරුණියගේ නිවසට පැමිණි පුද්ගලයකු මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .
ප්‍රහාරයට ලක් වූ මනමාලිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට ඉහතදී වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග පැවැති ප්‍රේම සබඳතාවයක් මව්පියන්ගේ උපදෙස් මත එය නවතා දැමීමට තරුණිය කටයුතු කර තිබේ.
එයට පලිගැනීමක් වශයෙන් විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටී මනාලියට පැරණි පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම ඇසීටි ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වි ඇති බව මූලික පරීක්ෂණවලින් අණාවරය වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්
කිරිපතා Saturday, 27 May 2023 03:18 PM
පිරිමියෙකුට හෝ කාන්තාවකට තම සහකරු තෝරා ගැනීමේ අයිතියක් තියෙනවා. අවුරුදු ගාණක් ආදරය කළ පලියට සහ අහිමිවීමෙන් මෙවැනි තිරිසන් ක්‍රියාවක් කරන්නට පෙළඹෙන්නේ ආදරය නිසා නොවෙයි තනිකරම ලිංගික ඊර්ෂ්‍යාව නිසා. ඔහුට නිසි දඬුවම් නීතියෙන් නොවුනත් කර්මය විසින් ලබාදෙයි..
saman Saturday, 27 May 2023 04:14 PM
ආදරය කියන වචනේ පාවිච්චි කරලා ගණිකා වෘත්තිය කරන ගැහැණු, පිරිමින්ට මේක හොඳ පාඩමක්...
dilip Saturday, 27 May 2023 04:20 PM
කර්මය කිය කියා ඉඳලා වැඩක් නෑ. එයාටත් මේවගේම දඬුවමක් දෙන්න ඕනෑ...
විජේ Saturday, 27 May 2023 05:00 PM
හරියටම වැරැදිකරු තහවුරු වුණායින් පස්සේ මේ හා සමානම දඬුවමක් දිය යුතුමයි. හිරේ යවලා පිනට කන්න බොන්න නොදී ගෙදර ඉඳලා විඳවන්න පුළුවන් දඬුවමක් දිය යුතුයි.
නිලමෙ Saturday, 27 May 2023 06:00 PM
පොලොස් ගෙඩියක‍් කඩා ගත්තටත් පිහියෙන් අනින පලාතෙ නේද?
Sampath Saturday, 27 May 2023 09:30 PM
කොල්ලව හූරන් කාලා පොල්ල තියලා යන්න සෙට් වෙන්න ඇති .මොනවා උනත් යන්න දෙන්නයි තිබුනේ .කමෙන්ට්ස් දාන කවුරුත් මේකේ අග මුල නොදැන ක්‍රියාව ගැන විතරයි හිතලා තියෙන්නේ
පිටිගල මිලානෝ Sunday, 28 May 2023 01:47 AM
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
Sampath Sunday, 28 May 2023 03:32 AM
අවි ගත්තෝ අවියෙන්ම නසති!! බූදුබණ බොරැ නැත.!
මෝ Sunday, 28 May 2023 03:44 AM
අමු තිරිසනෙක්.මෙවැනි විශබීජ සමාජයෙන් ඉවත් කල යුතුයි
ලුම්බිණි Sunday, 28 May 2023 04:22 AM
තවමත් බොහෝ පිරිමින් සිතාගෙන ඉන්නේ ගැහැණු කියන්නේ පාරිභෝගික භාණ්ඩයක් කියල.
Bunny Preena Monday, 29 May 2023 01:29 PM
ආදරය කියන වචනය ඇතුලේ දැන් ගැබ්වෙලා තියෙන්නෙ වෛරයයි