(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මළ සිරුරු විසි අටක් දීර්ඝ කාලයක් තැන්පත් කර තැබීමට ශීතාගාර පහසුකම් නොවීම නිසා එම සිරුරු එකොළහක් දින ගනනාවක සිට එළිමහනේ තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මොරටුව 04 , පිළියන්දල 04 , අගුලාන 04, මිරිහාන 02 , වැලිකඩ , මහරගම බම්බලපිටිය , කිරුළපන, කොහුවල පොලිස් වසම් වලින් රෝහල් ගත කළ පුද්ගලයින් මියයාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා භාරකරුවන් ඉදිරිපත් නොවීමෙන් මෙම මළ සිරුරු මාස දෙකක සිට මෙසේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පැවසේ.
ඉන් ඇතැම් මළ සිරුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් මහමග වැටී සිටියදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ ඒවා වන අතර තවත් කීපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒවා වන බවත් පැවසේ.
මෙම පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී භාරකරුවන් සේ ඉදිරිපත් වූ පුද්ගලයින් ලබා දී ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා වන බවත් ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතා සහතික කිසිවක් සන්තකයේ නැති බවත් ඒ හේතුවෙන් භාරකරුවන් සොයාගැනීමට නොහැකිව මෙසේ මළ සිරුරු ගොඩ ගැසී ඇති බවත් කිය සිටී.ෙ එම මළ සිරුරු අවුරුදු 40 - 85 අතර වන බවට පොලීසිය සැකකරයි.
මෙම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබීමෙන් සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතුව ඇති අතර මත ශරීරාගාරයේ දෛනික රාජකාරී වලට දැඩි බාධා එල්ල වී ඇතැයි ඔවුන් කියයි. හඳුනා නොගත් මෙම මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට භාරකරුවන් වෙතොත් හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
dds Wednesday, 07 May 2025 02:30 PM
මළසිරුරු වල පැහැදිලි ඡයාරූප, ඇඟිලි සලකුණු සහ DNA පරීක්ෂණවලට අවශ්‍ය කොටස් ලබාගෙන ඒවා භූමදානය කිරීම තමයි විසඳුම.
Mahesh Wednesday, 07 May 2025 02:45 PM
අපරාධයක් නොවන මරණයක් නම්, තවත් මේ මරණයට ලක්වූ පුද්ගලයන්ගේ ආත්මයන්ට අපහාස නොවන පරිදි, ආගමික වතාවත් කර බූමදාන කටයුතු කිරීමට නිසි බලධාරීන් සූක්ෂම ලෙස අවශ්‍ය කටයුතු කරන්න . කරුණාකර, මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ මළසිරුරු ආධාහනය කරන්න
සකියම Wednesday, 07 May 2025 07:04 PM
2048 ජනාධිපති වෙන අපේ සීයාගෙන් ඇහුවා නම් කියයි, හඳුනාගන්න බැරි මළසිරුරු වලට මොකද කරන්නේ කියලා. පුතාණෝ වුණත් දන්නවා ඇති, නැත්නම් පියානෝගෙන් අහලා කියයි. ඕවාද ප්‍රශ්ණ අම්මපා...!
සකියම Wednesday, 07 May 2025 07:08 PM
මැරුණාට පස්සේ ආයේ ආත්ම රෙද්දක් නෑ. මළ එකා මළා. භූමදාන කලත්, ආදහනය කළත්, බල්ලන්ට කන්න දැම්මත් වෙනසක් නෑ. මැරෙන්න කලින් බේරගන්න ඇර... ආගම වනාහි... දේශපාලනයේ පැරණි පැතිකඩ වේ.