(ඉන්දිකා රාමනායක)
වසර තිස් නවයකට පෙර පොලිසියට ගෙන්වා තිබු ජිප් රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ වැසි අංක යොදා නීති විරෝධීව සකස් කර ධාවනයට යොදා තිබියදී සුඛෝපභෝගි ජිප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම ජිප් රථය දොර තුනේ ජිප් රථයක් වශයෙන් එවකට පොලිසියට ආනයනය කර ඇති අතර භාවිතයට නොසුදුසු තත්ත්වය හේතුවෙන් එය 1999 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇති බව පොලිසිය පවසයි. මෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික බවද පොලීසිය කියයි.
මෙම ජිප් රථය මිළදී ගත් තැනැත්තා එය දොර 5 සුඛෝපභොගී ජිප් රථයක් වශයෙන් කූඨ ලේඛන සකස් කර , එම ව්‍යාජ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියෙන් වෙනස් කර මෙය සකස් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පැරණි අංකයක් සවිකළ සුඛෝපභෝගී ජිප් රථයක් වසර 4 ක කාලයක සිට බදුල්ල හා අවට ප්‍රදේශයේ සැරිසරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා සිද්ධිය තහවුරු කිරීමෙන් පසුව මෙම රථය රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයා ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු බවද පොලිසිය කියයි.
මෙම රථය පොලිස් වෙන්දේසියෙන් මිළදී ගත්තේ කව්ද, මෙය නීති විරෝධී ලෙස වෙනස් කළේ කව්ද , යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බොරු අංක යෙදූ ජිප් රියක් අල්ලයි