IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බ්‍රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා

තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බන්ධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත්  ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා, පසුගිය ජූනි මාසයේ, බ්‍රසීලයේ ගිණිකොණදිග වෙරළ තීරයේ සාඕ සෙබෙස්තියෝ නගරයේ නිවාඩුවකට ගොස්, මුහුදේ විනෝද වෙමින්, ජල ක්‍රීඩා කරමින් කරමින් සිටිද්දී, ඔහු මෙම තල්මසාට හිරිහැර කළේ යැයි ‘ද ගාඩියන්’ පුවත්පත පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපතිවරයා මුහුදේ විනෝද වෙමින් සිට ඇත්තේ ජෙට්ස්කී Jet Ski යාත්‍රාවක් පදිමිනි.

ඔහු විනෝදවෙමින්  සිටි තැනට මීටර් 15 ක් පමණ දුරින් මොල්ලි තල්මසකු පිහිනමින් සිට අතර, හිටපු ජනාධිපතිවරයා මෙම තල්මසා අසලට ජෙට්ස්කී යාත්‍රාව Jet Ski පදවා ඇත්තේ එය තල්මසාගේ සිරුරේ ගැටීමට ද සලස්වමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති බොල්සරානෝට එරෙහිව, පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිද්ධිය දුටු පිරිස් සහ පරිසරවේදීන් කණ්ඩායමකි. සිද්ධිය අදාල වීඩියෝ දසුන් ද ඔවුන් පොලිසියට ලබා දී ඇතැයි පැවැසෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බොල්සරානෝ පවසා ඇත්තේ එම වීඩියෝ දසුන්වල සිටින පුද්ගලයා තමා නොවන බවය.



අදහස් (1)

බ්‍රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා

C.K.Lankaputhra Monday, 20 November 2023 12:06 PM

නමුත් රටක් ආර්ථික ප්‍රපාතයකට ඇද දමලා සිය දහස් ජනතාවක් මැරෙන්න ඇරපු අයියා මලෝ තුන් දෙනෙකුටයි කිසිම දඬුවමක් නෑ. ඒ අපේ ඉල්ලන් කන සියල් සිරින් සපිරි සිරිලංකාවේ...!

:       6       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site