IMG-LOGO

බයිඩන්-ජින්පින් පැය 4 ක් කතා කරලා

පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි.

රාජ්‍ය නායකයන් දෙදෙනා පැය 4 ක් තිස්සේ සාකච්ඡා පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ජනාධිපති ෂි ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිනිමින්, කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ආරම්භ වූ 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමටය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද එම සමුළුවට සහභාගී වූ අතර, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ කැලිෆෝනියාවේ වුඩ්සයිඩ් නුවර නිවාඩු නිකේතනයකදීය.

ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට පනවා ඇති වෙළෙඳ සම්බාධක සහ තීරුබදු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන්, ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

බයිඩන්-ජින්පින් පැය 4 ක් කතා කරලා

ravin Thursday, 16 November 2023 12:33 PM

මොන සාකච්චා කලත් එක්කෙනක් නම් හිතාගෙන ඉන්නේ එයා තමයි ලෝක පොලිස්කාරයා කියලා.හිතු හිතු දේවල් යටින් ගිහිල්ලා කරනවා.පස්සේ හොඳ මුහුණ පෙන්නනවා

:       4       5

Rata Perata Thursday, 16 November 2023 01:00 PM

තවම විමල් වගේ හැම මගුලම විදේශ කුමන්ත්‍රන කියල විශ්වස කරන අය ඉන්නව වගෙ. හීනමානය හැදුනම එහෙම වෙනව.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 24 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1620 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site